fbpx

අනුරාධපුර CTB ඩිපෝව වසා දමයි – පොළොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා කරයි

අනුරාධපුර CTB ඩිපෝව වසා දමයි – පොළොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා කරයි

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කර බවට සැකපිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

නව කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගැණුනු පොළොන්නරුවේ නාවික හමුදා සෙබලාගේ අසල්වාසී පුද්ගලයෙකු මෙම ඩිපෝවේ සේවයේ යෙදී සිට තිබීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනුරාධපුර ඩිපෝව වෙත පැමිණ එහි වැඩිදුර පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබෙනවා.

අදාළ නාවික හමුදා සෙබලා පොළොන්නරුව, පුලතිසිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව ඒ ආශ්‍රිත ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට ද පියවර ගෙන ඇති අතර එම පුද්ගලයා වාසය කළ ගම්මානයේ පවුල් 11 කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට ද පියවර ගෙන තිබෙනවා.

administrator

Related Articles