fbpx

අප්‍රේල් 20 තෙක් කොරෝනා දෙවැනි නැගිටීමක් – මාස 06කට විශේෂ නීති

අප්‍රේල් 20 තෙක් කොරෝනා දෙවැනි නැගිටීමක් – මාස 06කට විශේෂ නීති

COVID – 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම ස සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී COVID – 19 වසංගත තත්ත්වයට මුහුණ දීමට අදාළ වැදගත් වූ තීන්දු තීරණ රැසක් පිළිබදව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගීව සිටි මහාචාර්ය ඉන්දික කරුණාතිලක කියා සිටියේ මහජනතාව වෙත වර්තමානයේ මෙන් දැඩි පාලනයක් ඉදිරි කාල සීමාව තුළ ද අත්‍යාවශ්‍ය වන බවයි.

අප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14ක් බැගින් කාල සීමාවන් 02ක් තුළ දී සීමාවන් සහ නීති රීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම සති 02ක කාලයෙන් අනතුරුව ද අවශ්‍ය වුවහොත් ඉහත ආකාරයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවයි.

මෙහි දී ප්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණූ දක්වමින් හැකිතාක් දුරට පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙදසැළකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට යොමුවීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණූ පිළිබද අත්‍යාවශ්‍ය කරුණ ඉදිරි මාස 06 සඳහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදි.

ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රජාව දැනුවත් කිරීම වඩාත් සුදුසු බව ද පෙන්වා දෙන ලදි.

පොදු ප්‍රවහනයේ දී දුරස්ථභාවය ඇතිව ගමන් කළ යුතු බවට ක්‍රමවේදයක් සකස් කොට එය රට පුරා ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කාර්ය සාධක බලකායට දැනුම්දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර කියා සිටියේ ඇදිරිනීති කාලසීමාව ක්‍රමාණුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතායට පත් නොවන ආකාරයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ ආසාදිතයින් හදුනාගැනීමේ වැඩපිළිවෙළක් සමාජයේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

එහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.

නීති විරෝධී ලෙස පුද්ගලයින් රට තුලට ඇතුලුවීමේ අවධානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන්හි සිට මෙරටට පැමිණි සියළු පුද්ගලයින් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60ට වැඩි ස්වසන රෝග ඇති පුද්ගලයින් සදහා සංකූලතා ඇතිවීමෙ වැඩි අවධානමක් ඇති බැවින් ඔවුන් නිවෙස් තුලම රැදී සිටිය යුතු බවට වූ පණිවුඩය සමාජ ගත කිරීම යන කරුණු ද පෙන්වා දෙන ලදි.

ප්‍රතිකාර සහ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා කණ්ඩායම් 02ක් මේ වන විට යොදා ඇති අතර, ඉදිරියේ දී රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා තවත් කණ්ඩායමක් පත් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි.

administrator

Related Articles