fbpx

එයා බියුටිකියුටි ගර්ල්ස්ලා මං හරි ආසයි ඔයාලට කියාගෙන ආවා

එයා බියුටිකියුටි ගර්ල්ස්ලා මං හරි ආසයි ඔයාලට කියාගෙන ආවා

සම්පුර්ණ නම ප්‍රවීනා කල්පනි දිසානායක.මගේ උපන් ගම අනුරාධපුර එප්පාවල ඉහළ හල්මිල්ලෑව. එහෙම තමයි පදිංචියත්. කලා වැඩවලදි දෙල්ගොඩ ඥාති සහෝදරියකුගේ ගෙදර ඉඳගෙන ඒ කටයුතු වලට දායක වනවා.දැන් වයස අවුරුදු විසිතුනයි.පවුලේ විස්තර කිව්වොත්අම්මයි, අප්පච්චියි, මමයි අම්මා රජයේ නිලධාරිනියක්. අප්පච්චි ව්‍යාපාරිකයෙක්.

වැව්බැඳී රජරටින් ඇය කලාවට එකතු වන්නේ නර්ථන ශිල්පිනියක ලෙසයි. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබු කාලයේ විෂයය බාහිර විවිධ ක්‍රියාකාරකම්වලින් මෙන්ම නර්ථනය හැදෑරිමෙන් ලද පන්නරය නිසා ඈ කලාවට යොමු වූවාය. අන්තර් ජාලයේ යූ ටියුබ් (You tube) නාළිකාවක් ඔස්සේ තම නිසඟ නර්ථන කලා හැකියාව මනාව ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඇයට රංගනය සඳහාද අවස්ථාව උදා විය. ඒ ශ්‍රි ලංකාවේ ජනප්‍රියත්වයෙන් අංක එකේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබමිනි. මේ වන විට සතියේ දින පහේම රාත්‍රි 9.30 ට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ගීතිකා ලෙසින් ඇය අපේ ආලින්දයට ගොඩවන්නීය. කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය නව පරපුරේ නිළි ප්‍රවීණා කල්පනී නම් වන්නීය.

ඉගෙන ගත්ත අපේ ගමේ තියෙන පාසල වන එප්පාවල ශ්‍රි සිද්ධාර්ථ විද්‍යාලයට. ඊට පස්සේ මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා අනුරාධපුර සෙන්ට්‍රල් කට එනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කළේ ඒ පාසලේමයි. උසස් පෙළ තමා හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන් .මම කලාවට එන්නේ පාසලේදි වේදිකා නාට්‍ය රංගනය හා නැටුම් කළා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්නකොට නර්ථනය ගැන වැඩිදුර හැදෑරුවා. ඊට පස්සේ මගේ නර්ථන අංග දර්ශන ඇතුළත් විඩියෝවක් අන්තර් ජාලයට දැම්මා. ඒක ගොඩක් දෙනා බලලා තිබුණා. ඒකෙන් පස්සේ තමයි මට මේ රංගනය සඳහාත් අවස්ථාව ලැබුණේ.මගේ නර්ථන විඩියෝව දැකලා සංගීත් අයියත් (යොවුන් රංගන ශිල්පි සංගීත් ප්‍රභූ) නාට්‍ය අධ්‍යක්ෂකතුමත් කතා කරලා තමයි මේ අවස්ථාවට මට මඟපාදා දෙමින් සහයෝගය ලබාදුන්නේ. සංගීත් අයියා අපේ පැත්තේම කෙනෙක් ඊට පස්සේ මට මේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම මහතා කතා කරලා ඔන්ලයින් ක්‍රමයට මට තිර පරීක්ෂණයකට ඉදිරිපත්වීමට අවස්ථාව ලබලා දුන්නා. ඊට පසුවයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනය සඳහා මට අවස්ථාව ලැබුණේ.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු හරිම විනෝදයි, රසවත්. ලොකු සතුටක් ලබනවා. ප්‍රවිණයන් ඇතුළු මුළු ටීම් එකම එකට එකතු වෙලා තමයි මෙහි වැඩ කටයුතු කරගෙන යන්නේ එහෙම වැඩ කරනකොට ඔවුන් හැමොගෙන්ම වාගේ මටත් ලොකු සහයෝගයක් ලැබෙනවා.චරිතය ගැන කීව්වොත්ගීතිකා තමයි චරිතයේ නම. හරිම සරල අහිංසක චාම් චරිතයක්. ඕනෑම දෙයකට ඉදිරිපත් වීමේ හැකියාව තියෙන කෙනෙක්. මං පාසලේදී වුණත් නැටුම් විෂයයක් ලෙස කරලා තිබුණු නිසා මේ චරිතයට මාව තෝරගන්න ඇති කියලා මට හිතෙනවා. ඒකත් මට මේ චරිතය කරන්න පහසු වුණා.

මෙහිදී ප්‍රවිණයන් එක්ක තමයි මට රඟපාන්න තියෙන්නේ ප්‍රසන්නජිත් සර් (ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රසන්නජිත් අබේසූරිය) ලොකු සහයෝගයක් ලබා දෙනවා. මෙහිදී මගේ අඩුපාඩු හදාගෙන මට හැකි උපරිමයෙන් නිවැරැදිව මේ චරිතයට සාධාරණය ඉටු කරනවා. ඒ වගේම පාඨලි, කවඩියා, සරා, පොඩ්ඩි යන සියලු දෙනාමත් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා මගේ මේ චරිතය වෙනුවෙන්.

රූගත කිරීම් වලදි සිදු වූ අමතක නොවන දේවල් බොහෝ දේවල් තියෙනවා.

මම එයින් එක් අවස්ථාවක් කියන්නම් මගේ චරිතයේ අවස්ථාවක් තිබුණා අපි ගෑනු ළමයින් තුන්දෙනා පාරේ ඇවිදගෙන පන්තියට යනවා. එහෙම යනකොට මාලන් (ජනප්‍රිය රංගන ශිල්පි කෝකිල පවන්) ඔහුගේ කාර් එකෙන් බැහැගෙන ඇවිත් ‘ඕ හරිම බියුටිකියුටි ගර්ල්ස්ලා මං හරි ආසයි ඔයාලට’ ඒ වචන ටික එදා කෝකිල අයියා කියාගෙන ආපු විදිහට මට එදා මගේ හිනාව නවත්ත ගන්න බැරි වුණා.

administrator

Related Articles