fbpx

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ සාමාජිකාවකටත් කොරෝනා

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ සාමාජිකාවකටත් කොරෝනා

හොරණ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඔලබොඩුව ග්‍රාමයේ කාන්තාවකට සහ ඔහුගේ සහෝදරයාට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි පවසනවා.

අදාළ කාන්තාව කහතුඩුව හයිඩ්‍රාමනි කර්මාන්ත ශාලාව් සෞඛ්‍ය ඒකකයේ නිළධාරිනියක් ලෙස සේවයේ නිරතවන්නියකි.

ඇයගේ සහෝදරයා වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

මෙම කාන්තාව තම සහෝදරයා සමග මිනුවන්ගොඩ පැවති මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එම උත්සවයේ දී ඔවුන් සමග කතාබහ කරමින් සමීපව කටයුතු කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට පසුව තහවුරු වී ඇත.

ඉන් අනතුරුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් හයිඩ්ඩ්‍රාමනි කර්මාන්ත ශාලාවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම පරීක්ෂණ සදහා අදාළ සෞඛ්‍ය ඒකකයේ නිලධාරිනිය සහ ඇයගේ සහෝදරයා ද සහභාගි වී ඇත.

එහි ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ ලැබි ඇත.

ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතව තිබේ.

අගුරුවාතොට – මංගල එදිරිසිංහ/බිමල් ශ්‍යාමන්

administrator

Related Articles