fbpx

කොරෝනා එන්නතේ බලාපොරොත්තු සුන්වෙයි ?

කොරෝනා එන්නතේ බලාපොරොත්තු සුන්වෙයි ?

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම එක්වී වැඩිදියුණු කල කොරෝනා වෛරස් එන්නත අත්හදාබැලීම් වලදී පුද්ගලයෙක් රෝගී වීම හේතුවෙන් එම එන්නත අත්හදාබැලීම් තාවකාලිකව නවතා දමා තිබේ.

ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම පැවසුවේ රෝගී තත්ත්වය පිළිබඳ ව වැඩි තොරතුරු හෙළි වී නොමැති බවය.

මෙම සායනික අත්හදාබැලීම් දෙස ලොව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුනේ කොරෝනා වෛරසය පාලනයට නිසි ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැති බැවින් මෙම එන්නත සාර්ථක වෙතැයි බොහෝදෙනා බලාපොරොත්තු වී සිටියේය.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාවේ සිදු කල මෙම එන්නත අත්හදාබැලීම් සඳහා 30,000ක පමණ පිරිසක් සහභාගී වී තිබු මෙම එන්නතෙහි පළමු සහ දෙවැනි අත්හදාබැලීම් සාර්ථක විය.

source : ada derana

editor

Related Articles