fbpx

කොරෝනා ප්‍රතිකාර රෝහල් 19න් 06කම ධාරිතාව ඉක්මවයි

කොරෝනා ප්‍රතිකාර රෝහල් 19න් 06කම ධාරිතාව ඉක්මවයි

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් 06කම ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතරින් අයි.ඩී.එච්. රෝහලේ ධාරිතාව ඇඳන් 120ක් වුවත් මේ වන විට එයි රෝගීන් 200ක් ඇතුළත් කරගෙන ඇති බව සඳහන්.

මීට අමතරව කාන්තන්කුඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේද රෝගීන් ධාරිතාව 120ක් වුවත් එහිද රෝගීන් 167ක් ඇතුළත් කරගෙ තිබෙනවා.

මෙසේ වෙන්කර ඇති රෝහල් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක ධාරිතාවක් ඉතිරිව ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වන අතර එහි ධාරිතාව 400කි.

ඒ අනුව තවත් රෝගීන් 60ක් එයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව තිබේ.

එම රෝහල් 19 තුළ කොවිඩ් රෝගීන් 2075ක් වෙනුවෙන් පහසුකම් වෙන්කර ඇති අතර මේ වන විටත් රෝගීන් රෝගීන් 2026ක් ඇතුළත් කර තිබේ.

ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 49ක් පමණි.

administrator

Related Articles