fbpx

ගූගල් සහ ෆේස්බුක් පැසිෆික් සාගරයේ දත්ත කේබල් සඳහා මුදල් ආයෝජනයක

ගූගල් සහ ෆේස්බුක් පැසිෆික් සාගරයේ දත්ත කේබල් සඳහා මුදල් ආයෝජනයක

උතුරු ඇමෙරිකා කලාපය සහ ආසියා පැසිෆික් කලාපය සම්බන්ධ කරමින් නව සාගර අභ්‍යන්තර දත්ත කේබල් සබදතාවක් පිහිටුවීම සදහා ගූගල් සමාගම සහ ෆේස්බුක් සමාගම සැලසුම් සකස්කරමින් සිටින බව පවසයි.

ඒ අනුව මෙම සබදතාව හරහා සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ උතුරු ඇමෙරිකාව එකිනෙක සම්බන්ධ කිරීම අරමුණ බව ෆේස්බුක් සමාගම පසුගියදා අනාවරණය කර තිබේ.

මෙහිදී තමන් Echo සහ Bifrost නමින් හැදින්වෙන සාගර අභ්‍යන්තර කේබල් සබදතා සමගින් හවුල්කාරිත්වයක් සදහා ආයෝජනය කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම මෙහිදී සදහන් කර ඇත.

ඒ හරහා ට්‍රාන්ස්පැසිෆික් කලාපයේ සමස්ත දන්ත ධාරිතාව 70%කින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇතැයිද සමාගම පවසයි.

“COVID-10 වසංගතය නිසා ඇති වූ තත්වයත් සමග ලොව පුරාම විශ්වාසවන්ත අන්තර්ජාල සබදතාවක් සදහා වන අවශ්‍යතාව ඉහළ ගිහින් තිබෙනවා.

Echo සහ Bifrost සහයෝගයෙන් ඉදිරියේදී මිලියන ගණනක ජනතාවට සහ මිලියන ගණනක ව්‍යාපාර වෙත තවදුරටත් ව්‍යාප්ත වෙන්න අවස්ථාව ලබා දේවි.”යනුවෙන්ද ෆේස්බුක් මෙහිදී සදහන් කර තිබේ.

මීටඅමතරව ගූගල් සමාගමත් ඉදිරියේදී Echo කේබල් සබදතාව සමග එක් වෙමින් කැලිෆෝනියාවේ යුරේකා සිට සිංගප්පූරුව දක්වා සිදුකරන පිහිටුවීම සදහා ආයෝජනයට පියවර ගෙන ඇත.

මෙම සබදතාව එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපත්හිදී නතරවී ඉදිරියේදී ඉන්දුනීසියාව වෙත සම්බන්ධ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම Echo කේබල් සබදතාව යනු එක්සත් ජනපදය සහ සිංගප්පූරු එකිනෙක සම්බන්ධ කර පළමු සහ එකම අධිවේගී ෆයිබර් සබදතාව බවට පත්වනු ඇතැයිද ගූගල්සමාගම වැඩිදුරටත් පවසා තිබේ.

administrator

Related Articles