fbpx

තවත් කොරෝනා ආසාදිතයින් 42ක් – මිනුවන්ගොඩ පොකුර 2000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 42ක් – මිනුවන්ගොඩ පොකුර 2000 ඉක්මවයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද 20 දෙනෙකු ආශ්‍රිතයන්ද ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඞ් පොකුර මේ වනවිට 2014 දක්වා ඉහළ යනවා.

අද දිනයේදී මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාධිතයන් ගණන 115 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 5469 ක්.

ඒ අතරින් 3395 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 2061 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

administrator

Related Articles