fbpx

පාප් වහන්සේගේ නිවස්නයේ පුද්ගලයෙකුටත් කොරෝනා

පාප් වහන්සේගේ නිවස්නයේ පුද්ගලයෙකුටත් කොරෝනා

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජීවත්වන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය අද (17) නිවේදනය කර තිබෙනවා.

එම පුද්ගලයා කවුරුන්දැයි තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැති අතර ඔහු ‘කෝවිඩ් – 19’ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැත.

කෙසේවෙතත් ඔහු ‘සැන්ටා මාර්තා’ නිවස්නයෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු මුණගැසුණු හා ඔහුගේ සෘජු ආශ්‍රිතයන් සියලුදෙනා ද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

පාප් වහන්සේ අද සිය සුපුරුදු රාජකාරිවල යෙදුණු අතර පුද්ගලයන් තිදෙනෙකු පෞද්ගලිකව මුණ ගැසී තිබේ.

එමෙන්ම පාප්වහන්සේ විසින් ඉතාලි පොලිස් නිලධාරින් විශාල පිරිසක් ආමන්ත්‍රණය කළ බවත් වතිකානය සඳහන් කළේය.

පාප්තුමා නිරන්තරයෙන් ‘කොවිඩ් – 19’ පරීක්ෂණ වලට යොමු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

පාප්තුමාට ඇත්තේ එක් පෙනහැල්ලක් පමණි.

තරුණ වියේදී කරන ලද සැත්කමක දී පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කර ඇත.

වතිකානය යනු ඉතාලියේ රෝම නගරයෙන් වට වූ කුඩා නගර රාජ්‍යයකි.

නව කොරෝනා වයිරසයෙන් වතිකාන නගරයට එල්ල වූයේ ඉතා සීමිත බලපෑමක් වන අතර වාර්තා වී ඇති වයිරස ආසාධිතයින්ගේ ගණන ද 50කට අඩුය.

පසුගිය සතියක කාලයේදී වතිකානයෙන් කොරෝනා ආසාධිතයන් තිදෙනකු හඳුනා ගැණුනු අතර ඔවුන් තිදෙනා මේ වනවිට සුවය ලබා ඇත.

මේ අතර පාප්තුමාගේ ආරක්ෂාව යොදා සිටින ‘ස්විස් විශේෂිත ආරක්ෂිත බලකායේ’ 04 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය.

රොයිටර්

administrator

Related Articles