fbpx

පාසල් අධ්‍යාපන චාරිකා ගැන නව නීති ඇතුළත් චක්‍රලේඛයක්

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමු කරවීමට අදාල නව නිති ඇතුලත් චක‍්‍රලේඛකයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙනවා.

පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිලිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක සදහන් කළේ.

කන්තලේ ගෝමරන්කඩවල, මැදවච්චිය වැවේ දියනෑමට ගොස් සිටියදී සිසුන් 04 දෙනෙකු මියයාම පිිළිබදවද විමර්ෂණයක් සිදුකෙරෙනවා.

ඒ තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින්.

ඔවුන් අද ස්ථානීය පරික්ෂාවක් සිදුකරන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

වීමර්ශනයෙන් පසු සකස් කරන වාර්තාව දින 14ක් ඇතුලත ඌව පලාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට නියමිතයි.

administrator

Related Articles