fbpx

මතුගම විභාග මධ්‍යස්ථානයක ගුරුවරියකටත් කොරෝනා – දරුවන්ට දැඩි ආරක්ෂාවක්

මතුගම විභාග මධ්‍යස්ථානයක ගුරුවරියකටත් කොරෝනා – දරුවන්ට දැඩි ආරක්ෂාවක්

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.

ඒ සමගම ඇය ඇසුරු කළ අනෙකුත් පිරිස ස්වයං නිරෝධානයට යොමු කරමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් අවශ්‍යය පියවර ගත් බව ද විභාග කටයුතු වල නිරත වන සියලූම සිසුන් වෙනුවෙන් දැඩි සෞඛ්‍යරක්ෂිත පිළියම් රැසක් මේ වන විටත් සිදුකළ බවද මතුගම මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාංශය කියයි.

විශ්ව ගැමුණු ප්‍රියංකර

administrator

Related Articles