fbpx

වලල්ලාවිට, මතුගම සහ අගලවත්තෙන් කොරෝනා ආසාදිතයින් 13ක්

වලල්ලාවිට, මතුගම සහ අගලවත්තෙන් කොරෝනා ආසාදිතයින් 13ක්

කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත යන සෞඛ්‍ය බල ප්‍රදේශ වලින් මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඒ අනුව එම ආශ්‍රිතයන් ගේ පීසීආර් පරීක්ෂණ 552ක් මේ වන විට සිදුකර ඇති බවත්, එම ආශ්‍රිතයන් ගේ පවුල්වල පුද්ගලයන් 715 දෙනෙකු ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් අදාළ බල ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් විමසීමේදී තහවුරු විය.

මෙහි දී බස් රථයේ ගමන් කළ පිරිස අතරින් මුලින්ම හඳුනාගත් පැලවත්ත හෙද නිලධාරීනියගේ ආශ්‍රිතයන් කිසිවෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ලබාගත් පීසීආර් තහවුරු වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ සඳහන් කරයි.

මතුගම බදුගම සහ යටදොලවත්ත ප්‍රදේශ වලින් මුලින් හඳුනාගත් ආසාදිතයන් තිදෙනාගේ පළමු ආශ්‍රිතයන් 06 දෙනෙකුටත්, එම බස් රථයේ ගමන් ගත් අඟලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් 15 හා 16 දින වාර්තා වූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ජී.ඩී. ලයනල් පැවසුවා.

ප්‍රේමතිලක පෙරමුණ

administrator

Related Articles