fbpx

වැක්සීන් එක සොයන ඔක්ස්ෆර්ඩ් විද්වතුන් අතර ලාංකික මහාචාර්යවරියක්

වැක්සීන් එක සොයන ඔක්ස්ෆර්ඩ් විද්වතුන් අතර ලාංකික මහාචාර්යවරියක්

කොවිඩ් – 19 ගෝලීය ආපදාවට එරෙහිව වැක්සීන් එක සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇති අතර, ගෝලීය ආපදාවට එරෙහිව වැක්සීන් එක සොයා ගැනීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන පුරෝගාමියෙක් ලෙස ලෝක ප්‍රකට වී තිබේ.

එම වැක්සීන් එක සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන ” The Lancet” හි පළකර තිබු වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමිගේ නමයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ, ක්‍රයිස්ට් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඇය බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතන වලින් උපාධි ලබාගෙන ඇත.

ඇය දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනු ලබන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ NHS පදනම් භාරයේ සේවය කරයි.

ඒ අනුව ඇය මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරිය ලෙස ද සේවය කරයි.

ඇය ඔක්ස්ෆර්ඩ්ස මූහයේ ප්‍රධාන විමර්ශකවරියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සම්මානලාභී ජේෂ්ඨ සායනික කථිකාචාර්යවරියක් ද වේ.

වෛද්‍ය මහේෂි එන්. රාමසාමි ගේ දෙමව්පියන්ද කීර්තිමත් විද්‍යාඥයින් වේ.

ඇගේ මව මහාචාර්ය සමරනායක රාමසාමි වන අතර පියා විද්‍යාඥයෙකු වන රංජන් රාමසාමිය.

administrator

Related Articles