fbpx

විදෙස් සිසුන්ට වූහාන් විශ්වවිද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් – මාර්තු 31ට පෙර අයදුම් කරන්නැයි ඉල්ලීමක්

ලොව පුරා රටවල් වල කැපී පෙනෙන දක්ෂතාවයන් දක්වා ඇති විදෙස් සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් චීන රජය විසින් පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කරනු ලබනවා.

ඒ අනුව චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ Master හා Doctoral අධ්‍යයන වැඩසටහන් සඳහා උපාධිධාරී සිසුන් ඇතුළත් කර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙහි දී සිසුන්ගෙන් පාඨමාලා ගාස්තු අයකිරීමක් සිදු නොවන අතර එම වියදම චීන රජය විසින් දරනු ඇත.

නවාතැන් පහසුකම් නොමිලයේ ලබා දෙන අතර අධ්‍යාපනය ලබන කාලපරිච්ඡේදය පුරාවට චීන රජයෙන් දීමනාවක් ද ගෙවනු ලබයි.

එසේම තෝරා ගනු ලබන සිසුන් පූර්ණ වෛද්‍ය රක්ෂණාවරණයකට ද හිමිකම් කියනු ඇත.

මෙම පූර්ණ ශිෂ්‍යත්ව පාඨමාලා සඳහා සුදුසුකම් ලබන සිසුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන අය විය යුතු අතර Master’s degree සඳහා වයස අවුරුදු 35ට අඩුවිය යුතු අතර Doctoral degree සඳහා අවුරුදු 40ට වඩා අඩු විය යුතුයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙබ් අඩවිවල කියැවෙන්නේ 2020 මාර්තු 31 දිනට ප්‍රථමයෙන් මේ සඳහා අයදුම් කළ යුතු බවයි.

වූහාන් යනු චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගරයයි.

එසේම ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන කොරෝනා වෛරසයේ අපිකේන්ද්‍රය ලෙස ද වූහාන් සැලකේ.

මේ තත්ත්වය තුළ පසුගිය ජනවාරි 23 සිට තවමත් වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එවැනි පසුබිමක, මෙයාකාරයෙන් වූහාන් විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම කෙසේ සිදුකරන්නේ දැයි යන ගැටළුව පැන නඟිනු ඇත.

administrator

Related Articles