fbpx

තවත් කුරහන් පැහැති දුම්රිය මැදිරි 30ක් දිවයිනට

තවත් කුරහන් පැහැති දුම්රිය මැදිරි 30ක් දිවයිනට

කොරෝනා වසංගත කාලයට පෙර දුම්රිය 160 ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි 30ක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න පවසනවා.

මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි බව ද සඳහන්.

කොළඹ වරායට පැමිණ ඇති මැදිරි පිළිබඳව අප කල විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

“මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක්. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි 160න් 10ක් 2021 මාර්තු මස මෙරටට රැගෙන ආ අතර අද දින ලැබී ඇති මැදිරි 30 සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40ක්. ඇනවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි 120ක් ලැබීමට නියමිතයි.

ගෙන්වු මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්, 3වන පංතියේ තිරිංග මැදිරි හතරක්, 2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 තිබෙනවා.”

එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බව සඳහන් කල ඔහු මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බව පැවසිය.

එම මැදිරි පහතරට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

administrator

Related Articles