fbpx

මෙවර ලංකාවෙන්ම පළමු තැනට ආ උසස් පෙළ සමතුන්

මෙවර ලංකාවෙන්ම පළමු තැනට ආ උසස් පෙළ සමතුන්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) දිනයේ නිකුත් වුණා.

ව විෂය නිර්දේශ අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්ව තිබෙනවා.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දෙහිවල, ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි සමත් වූවා.

මේ අතර, වාණිජ අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත්ව තිබෙනවා.

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ සිසුවා සමත්ව තිබෙනවා.

ජෛව තාක්ෂණවේදයෙන් දිවයිනේම ප්‍රථමයා හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සුසික සඳසර සිසුවා හිමිකර ගන්නා අතර ඉංජිනේරු තාක්ෂණවේදය විශයෙන් පළමු තැන දිනාගන්නේ හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ කුඩා ලියනගේ අවිශ්ක චානුක සිසුවායි.

administrator

Related Articles