fbpx

රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක් ද වන උපේක්ෂා ස්වර්ණමාලි රියඅනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 24 දින රාත්‍රී 11ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි .

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි.

ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දීම ස්වසන පරීක්ෂණයට ලක්කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බව ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ෂේන් සෙනෙවිරත්න

administrator

Related Articles