fbpx

අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග ගැනීම තාවකාලිකව නවතයි

අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග ගැනීම තාවකාලිකව නවතයි

මහරගම අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාරගැනීම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පසුගිය සති කිහිපයේදී රෝහලට පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන දානමය ආධාර සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

මෙහිදී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර සඳහන් කරන්නේ, මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් සිදුකරන අතර, එම පරීක්ෂණය අවසන් වන තුරු අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාර නොගැනීමට තීරණය කළ බවකි.

එම ගැටලුකාරී තත්ත්වයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

administrator

Related Articles