චරිතයක් වෙනුවෙන් මේ තරම් කැපවීමක්.. හිතාගන්නවත් බැ… ඔබ මෙතෙක් නොඇසූ පුදුම හිතෙන කතාවක් මෙන්න

චරිතයක් වෙනුවෙන් මේ තරම් කැපවීමක්.. හිතාගන්නවත් බැ… ඔබ මෙතෙක් නොඇසූ පුදුම හිතෙන කතාවක් මෙන්න

සමහරවිට මෙය ඔබ දන්නේ නැතුව ඇති..

සම්මානනීය චිත්‍රපටියක් වන Black Swan හී Natalie Portman ඇගේ චරිතය වෙනුවෙන් නර්තනය හැදෑරීමට සිදුවූවා. ඒ වන විටත් ඇය මේ නැටුම් ගැන කිසිදු හැදෑරීමක් තිබී නෑ.. කෙසේ නමුත් ඇය ඇගේ මේ චරිතය වෙනුවෙන් සූදානම් වීම සඳහා නර්තන ශිල්පිනියක් ලෙස වසරක් පුහුණුවීම් කර තිබෙනවා..
එය ඇයට ඉතා අපහසු වූ කාර්‍යයක් වුවත් ඇය මේ වසරම මේ වෙනුවෙන් කැපවී තිබුනා. සමහර විට රාත්‍රී 12න් පසුවත් ඇය මේ වෙනුවෙන් පුහුණුවීම් සිදු කර තිබුනා..

නමුත් ඒ වන විටත් අධ්‍යක්ෂකවරයා හට චිත්‍රපටිය වෙනුවෙන් නිෂ්පාදකයෙකු සොයාගත හැකි වී නෑ. කෙසේනමුත් අධ්‍යක්ෂක Aronofsky හට Natalie Portman ඒ චරිතය වෙනුවෙන් වන කැපවීම නිසා ඔහුට චිත්‍රපටිය වෙනුවෙන් නිෂ්පාදකයෙකු නැති බව පැවසීමට හිත දී නෑ.. අවසානයේ ඔහු චිත්‍රපටය නිර්මාණය කිරීමට් ප්‍රධානම හේතු වූයේ Portman මේ වෙනුවෙන් කළ කැපවීම සහ උද්යෝගය නිසයි. නැත්නම් ආයෝජකයින් සොයාගත නොහැකි නිසා ඔහු මේ චිත්‍රපටිය නොකරන්න තමා ඉදලා තියෙන්නේ..

කොහොමෙන් හරි අධ්‍යක්ෂකවරයා Natalieගේ වසරක කැපවීම වෙනුවෙන් වැය වූ මුදල ඇයට ලබාදීමට ඇය වෙත ගියත් මූල්‍යමය ගැටළු ගැන දැනගන්නා Natalie ඔහුගෙන් ඒ මුදල් ලබාගන්නේ නෑ..
අඩු පිරිවැයකින් හැදෙන මේ චිත්‍රපටිය 2010 වසරේ තිරගත වන අතර , ඉන් පසු සිදු වූ සියල්ලක්ම ඔවුන්ගේ කැපවීමට සතුට කැන්දූ සිදුවීම් වූවා..❤️

Mmp Ranaweera

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *