පහුගිය දවස්වල රටම කතා කල පුවතක්…
ඒ ලංකාවේ තියෙන දුෂ්කරම පාසල වෙච්චි ගලමුදුනේ කනිෂ්ඨ විදුහල. මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගය ලියූ එම විද්‍යාලයේ සිසු දරුවන් ඉතිහාසගත වෙමින් සියලු දෙනාම විභාගය සමත් වෙන්නට හැකි වුනා.
ඒ පිටුපස හිටියේ අපූරු ගුරු දෙවියෙක්. ඒ තමයි ජනක ධනුද්ධර විදුහල්පතිතුමා. මේ ගුරු දෙවියා තමයි මේ දරුවන්ගේ විශයන් 9ම උගන්වා තිබෙන්නේ…
ඉතිං මේ අපූරු ගුරුතුමා වෙනුවෙන් සහ ඒ ලමුන් වෙනුවෙන් උදව් උපකාර කරන්න රටම දන්න දිනේෂ් මුතුගල සර් පෙරට ආවා.
මේ මුතුගල සර් තැබූ සටහනක්…
මේ පාසලටත්, මේ ගුරු පියාණන්ටත් උපකාර කිරීමට කැමතියි..!
හැකි අයෙක් වේ නම්, මේ ගුරු උතුමාගේ දුරකතන අංකයක් මා හට ලැබීමට සලස්වන්න. තෙරුවන් සරණයි..!
– දිනේෂ් මුතුගල

