“අපි එකට එකම හීනයක් පැතුව ඒ මතක නොමැකෙවි හැමදාම සොයුර..” එදා මොන තරම් සතුටු දවසක් වුණත් ඔහු නැති අඩුව..?

“අපි එකට එකම හීනයක් පැතුව ඒ මතක නොමැකෙවි හැමදාම සොයුර..” එදා මොන තරම් සතුටු දවසක් වුණත් ඔහු නැති අඩුව..?

 

යාළුවන්ගේ සිත් අතර ඔහු නොමැකෙන චරිතයක්..

සරසවියෙන් ඔවුන් නික්ම ගියත් ඒ මතක හැමදාම එකම විදිහට මතකයේ රැදේවි..

ප්‍රවීන් විජයසුන්දර, පේරාදෙණිය සරසවියේ කළමණාකරණ පීඨයේ ඉගෙනුම ලබන අතරතුර, ඔහු හදිස්සියේම ජීවිතයෙන් සමුගන්නවා.. ප්‍රවීන් මේ අවාසනාවන්ත ඉරණම නිසා ජීවිතයට සමුදුන්නේ 2024 වසරේ මාර්තු මාසයේදීයි..

පසුගිය වසරේ ඔහු සදහටම දෙනෙත් පියා ගත්තත් ඔහුගේ සරසවි මිතුරන්ට ආයෙත් වතාවක් ඔහුව මතක් වෙලා.. ඒ පුරා වසර කිහිපයක් එකටම ගත කළ සරසවි දිවියේ අවසාන දවස, එදා උපාධි ප්‍රධානෝත්සවයේ සතුට ප්‍රවීන්ගේ මිතුරන්ගේ හිත් තුළ තිබුණත්, ඔහු නැති අඩුව ඔවුන්ට දරාගන්න බැරි දෙයක් වෙලා…

කොහොම වුණත්, කලක පටන් එකට දුක සැප බෙදාගත්ත මේ ආදරණීය සගයා කාගේත් මතක අතර අදටත් නොමැකෙන නිසාම ඔවුන් ප්‍රවීන් වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් තබන්න අමතක කරලා තිබුණේ නැහැ..

‘නුඹ එක්ක අපි ගෙවපු සිහිනයක මතක
හැමදාම තියෙවි හන්තාන අහස යට
අපි එකට එකම හීනයක් පැතුව
ඒ මතක නොමැකෙවි හැමදාම සොයුර..”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *