සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ කතාව දික්කන්ද වලව්ව ගැනයි…
මේ දික්කන්ද වලව්ව ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තේ මේ වලව්වේ හොල්මන් තියෙනවා කියන කතාවක් එක්ක.
සමහරු මේ වලව්ව දැක්කම පවා බිය වෙනවා…
ඒ කතාව තවත් වැඩිවුණේ මේ වලව්ව කාටවත්ම බලන්න දෙන්නේ නෑ කියන කතාවත් එක්ක..
1920 ගණන්වල ඉදිකරන ලද දික්කන්ද වලව්වා පිහිටා ඇත්තේ පර්වතයක මුදුනේ.. ඒත් සමහර පැරණි අය කියන්නේ වලව්ව අවුරුදු 150ක් විතර පරණයි කියලා..
එය පෞද්ගලික දේපලක් බැවින් අවසරයකින් තොරව ඇතුළුවීම තහනම්. දේපළ පිළිබඳ අද්භූත ජීවීන් පිළිබඳ කටකතා හේතුවෙන් ගොඩක් අය මෙම වලව්ව කෙරෙහි විශාල උනන්දුවක් ඇති වුණා..
ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක්…
යක්කලින් රදාවාන පැත්තට හැරිලා යනකොට බස් පාරේ ඈතින් පේන්න තියෙනවා සුවිශාල පර්වතයක් උඩ හදලා තියෙන හුදෙකලා වලව්වක්..
මේ වලව්වේ අයිතිය දැන් තියෙන්නේ විදේශිකයෙකුට.
කිසිම කෙනෙක්ට මේ වලව්වට ඇතුළු වෙන්න අවසර නැහැ. ඒ නිසාම මේ වලව්වේ ගුප්ත බව තවත් වැඩිවෙනවා. දික්කන්ද වලව්ව ගැන කතා බහ කරන ප්‍රදේශයේ අය කියන්නේ මේ වලව්ව ඇතුළේ හොල්මන් අවතාර තියෙන බවයි..
හැබැයි අපි මේ ලගදී මේ ළගින් ගියාම සමහරු කිව්වේ නම් ඔය හොල්මන් කතා බොරු කියලා…
ඒත් ඒ හොල්මන් කතා ඇත්ත කියලා කියන පිරිසකුත් ඉන්නවා..
දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි බවයි හුඟාක් අය කියන්නේ කියලා අපි කළින් කිව්වා නේ … ඉතිං මේ වලව්වේ අමුතු ගුප්ත ස්භාවයකුත් තියෙනවා… මහා වතු යායක් මැද හුදෙකලා වුණු මේ වලව්වට හුඟාක් අය අමුතු බයක් දක්වනවා…
ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගන්නවා..
නමුත් ඇතැම් පිරිස් පවසන්නේ කාමර 100ක් මෙහි නොමැති අතර කාමර 20ක් වලව්ව තුල තිබෙනවා කියලයි…
හැබැයි මේක බලන්න යන්න නම් බෑ
උපුටා ගැනීමක්

