ලෙඩ රෝග නොහැදෙන්න හරියටම කන විදිහ මෙන්න !

ලෙඩ රෝග නොහැදෙන්න හරියටම කන විදිහ මෙන්න !

ලෙඩ නොහැදෙන්න මෙහෙම කමු ඔබ ගන්නා ආහාරය කොයි වගේ විය යුතුද?(ආයුර්වේදීය දැක්ම)
ආහාරය සැමවිටම සැහැල්ලු එකක් සහ ජීර්ණය පහසු එකක් වෙන්න ඕන.
Ex – රෑට බර ආහාර වර්ග කන්න එපා කියන්නෙ ජීර්ණය අපහසු නිසා. කොස් වගෙ ඒවා රෑට කන්න එපා කියන්නෙ ඒකයි.
ජීර්ණය වෙන්න අමාරු විදියට ආහාර වර්ග ගන්න එපා. එක ගොඩේ කෑම වර්ග ගොඩක් ගන්න යන්නත් එපා.
ආහාරය උණුසුමින් සහ තෙත් බවින් යුක්ත එකක් වෙන්න ඕන..
ආහාරය ඉතා වියලි බවින් යුතු නම් එය ආහාරයට ගැනීමට පහසු වන ලෙස සුප් වර්ග, දියර වර්ග ( හොදි ) ආදිය අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුයි . අපි ඉස්සර පොල්කිරි පාවිච්චි කරන තරම් දැන් පාවිච්චි කරන්නෙ නෑ. අපි කන කෑම පිටි ගුලියක් වගෙ අමාරුවෙන් ගිලලා දාන්නෙ නැතුව ඒක ජීර්ණය වෙන්න පහසුවෙන්න හොදි වර්ග එකතු කරගන්න එක වැදගත්. අපි දන්නවා සාමාන්‍යයෙන් පරාටා, තෝසෙ වගෙ ආහාර වර්ග එක්ක ඒ අය හොදි විශාල ප්‍රමානයක් ගන්නවා. ඒක ට හේතුව ජීර්ණය පහසුවෙන්න. ඒ උනත් අපි රොටියක් කෑවත් අමාරුවෙන් බඩට යන විදියට සම්බෝල එක්ක තමා කන්න උත්සහ කරන්නෙ.අන්න ඒ වෙනස හදාගන්න එක අවශ්‍යයි.
ආහාරය නියමිත මාත්‍රාවෙන් තිබිය යුතුයි. කන්න බැරි තරම් ගොඩක් බෙදාගෙන කන්න යන්න එපා. බඩට අල්ලන ප්‍රමාණය දැනගන කෑම කන්න.
මධුර, අම්ල ,ලවණ, කටුක, කෂාය සහ තිත්ත රස කියන ෂඩ් රසයම ඒ කියන්න් රස හයම අන්තර්ගත ආහාරයක් තමා අපි ගන්න ඕන.
ආහාරයක් සමබල වෙන්න මේ රස හයම සමග තෛල පදාර්ථත් එකතුවිය යුතුයි.
ආහාරයක් ගැනීමේදී එහි සුවද දැනීම, ආහාරය දැකීම , ආහාරය ස්පර්ශ කිරීම ආදියෙන් සතුටක් ලබමින් ආහාරය ගැනීම මගින් මනස මෙන්ම ශරීරය ද ආහාරය මගින් සංතෘප්ත වීම සිදුවෙනවා. ආහාරයකින් පලවෙනියටම වෙන්නෙ අපේ මනස තෘප්තිමත් වෙන එක. පිලිවෙලට ලස්සනට සකස්කරපු කෑමකින් අපේ හිත නිවෙනවා. අපි ආහාර ගන්න එකෙනුත් මානසික සහනයක් ලැබෙන්න ඕන. ලෝකය පුරා මේ වෙනකොට මේ දේවල් අත් හදා බලමින් ඉන්නවා. මානසික සුවතාවය අංක එකට ගන්නකොට ඒකට අපි ගන්න ආහාරයෙන් දායකත්වයක් ගන්නෙ එහෙමයි.
මේ නිසා වෙනත් කාර්‍යයක යෙදෙමින් ( රූපවාහිනිය නැරඹීම , ජංගම දුරකථනය ක්‍රියාකරවීම ආදිය) ආහාර ගැනීම මගින් ඔබ ගන්නා ආහාර පරිමාව වැඩි වෙනවා.. අනවශ්‍ය කාලසීමාවක් ආහාර ගන්නවා. ඒ එක්කම ඉන් ඇතිවන අතුරුපල අයහපත්වෙනවා. ඒ නිසා කන වෙලාවට කන්න.. අවබෝධයක් ඇතුව කන්න.
අපිට හිතෙනවා වෙලාවකට කෑම කන්න මෙච්චර කාලයක් ගත කරන්නෙ ඇයි ඒක කාලය නාස්ති වීමක්ද කියලා. අපි හරියට කෑම ගන්න එකෙන් අපි නීරෝගි වෙනවා විතරක් නෙවෙයි අනාගතේ එන්න තියන ලෙඩ දුක් වලින් අපිව ආරක්ෂා වීමත් වෙනවා.
ඒ නිසා හිතලා බලලා අද ඉදන් වෙනස් වෙන්න.
මූලාශ්‍ර- සුශෘත සංහිතාව

copied.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *