අපේ කොණ්ඩෙ ට පිටින් වගේම ඇතුලතිනුත් පෝෂණය ඕන වෙනවා.
හෙයා පැක් එක්කින් ගොඩක් දේවල් කරන්න පුලුවන් ..
මේ හිසකෙස් ශක්තිමත් වෙන්න දාන පැක් එකක්..
බෙහෙත් නෙල්ලි කුඩු
උලුහාල් කුඩු
එලගිතෙල් මේස හැන්දක්( ghee කියන්නෙත් මේකට)
බෙහෙත් නෙල්ලි උලුහාල් කුඩු මේ වර්ග දෙක සමාන ප්‍රමාණ වලින් අරන් ඒ දෙක මිශ්‍ර කරලා
ඒකටම එලගිතෙල් මේස හැන්දක් සහ අවශ්‍ය ප්‍රමාණයට වතුර මිශ්‍ර කරලා paste එකක් වගෙ හදාගන්න..
ඒක නාන්න පැයකට කලින් වගේ හිස කෙස් වල සහ කෙස් මුල්වල හිස් කබලෙත් එක්කම ගාලා
තියන්න..
පැයකින් පස්සෙ හෝදන්න පුලුවන් ..
ශැම්පු කලාට කමක් නෑ..
සතියකට එක පාරක් වගෙ කලාට කමක් නෑ..
හිසකෙස් හෝදන කොට මේ පව්ඩර් වර්ග හොදින් ඉවත්වෙලා යන්න හෝදලා දාන්න..
මේක පාවිච්චි කරන එකෙන්
☘️හිසකෙස් ඝනකම් වෙනවා
☘️ශක්තිමත් වෙනවා
☘️හිසකෙස් වල දීප්තිය වැඩිවෙනවා
සෙම තියන කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුලුවන් .. ❤️❤️
මේක ට වෙන මුකුත් එකතු නොකර තියන ජාති ටික විතරක් දාල කරන එකෙන් හොද රිසල්ට් එකක් ගන්න පුලුවන්
අපි මොන හෙයා පැක් එක දැම්මත් මොම දේ ගෑවත් අපිට නොගැලපෙනවා නම් ඒක අයින් කරන්න ඕන. ඒ ගැන මතක තියාගන්න.. ඒ වගේම කොණ්ඩෙට එන ගැටලු ගැන ඇග ඇතුලෙ ප්‍රශ්න කොණ්ඩෙට බලපාන්නෙ කොහොමද කියලා ලිපි දාලා තියනව කියවලා බලන්න ❤️
..
හැම දෙනාම නීරෝගී වේවා ❤️
copied

