මෙවරත් වසරේ ජනප්‍රියතම සංගීත කන්ඩායම වෙමින් ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් රසිකයින්ට කියූ ආදරණීය කතාව මෙන්න..

මෙවරත් වසරේ ජනප්‍රියතම සංගීත කන්ඩායම වෙමින් ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් රසිකයින්ට කියූ ආදරණීය කතාව මෙන්න..

SLIM KANTAR peoples Award 2025

සැබෑ ජනතා සමීක්ෂණයෙන් 

The most popular music band in srilanka
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම

Yourth choice musical band of the year
තාරුණ්‍යයේ කැමතිම සංගීත කණ්ඩායම

වසර තිස්තුනක් පුරාවට මේ ආ ගමන් මඟ අපට සහාය දැක්වූ සියලුම දෙනාව ගෞරවයෙන් සිහිපත් කිරීමට කැමතියි. Flashback නිර්මාතෘ මාගේ පියාණන් වන ඩොනල්ඩ් ප්‍රනාන්දු ,එදා මෙදා Flashback සංගීත කණ්ඩායම නියෝජනය කළ’කරන සංගීත ශිල්පීන්, (විශේෂයෙන් වර්තමාන සංගීත කණ්ඩායමේ කැපවීම අගය කළ යුතුයි )අමිල ඇතුළු ශබ්ද පරිපාලන ශිල්පීන් සහ සහායකවරුන්, දෙස් විදෙස් ආදරණීය සංවිධායකවරුන් ,ගී පද රචකයන්, නිර්මාණ කාර්යයන්හි සියලුම සහෘදයන්(Music video & Studio) ඇඳුම් නිර්මාණකරුවන්, නිවේදන, නර්තන සහ ගායන ශිල්ප ශිල්පීන් අනුග්‍රාහක බව තුන්,ආයතනයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය, නිතරම හරි දේ කරන්න උපදෙස් ලබා දෙන පූජක පක්‍ෂය, ආරක්ෂාව සපයන ආරක්ෂක අංශ සහ දුකේ සැපේ අප අත්නොහැර ළඟින්ම සිටි අපව විශ්වාස කළ ආදරණීය රසික රසිකාවියන් සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කිරීමට කැමතියි. ඉදිරියේදීත් අපි හොඳම දේ හරිම දේ කරන්නේ ඔබේ ආශිර්වාදයෙන් බව ආදරයෙන් දන්වා සිටිමු .

අපි” අමාරුම තැන්වලදී හරිම තීන්දු ගත්තා !
ජනතාවත් හොඳම තැනදී හරිම තීන්දුව දුන්නා !

මේ තියෙන්නේ සාක්ෂි ✌️

ස්තුතියි මගේ රටේ මිනිස්සුන්ට

රොෂාන් ප්‍රනාන්දු
2025.03.18

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *