නෙළුම් කුළුණ Indian කොපියක්ද! Hollywood ප්‍රතිනිර්මාණයටත් සියලු වැඩ සූදානම්!
ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙලුම් කුලුන සිනමාපටය, Perusu නැමැති ඉන්දියානු චිත්‍රපටයේ කොපියක් බවට ඇතමුන් මේ දිනවල චෝදනා කරනවා.
නමුත් සත්‍ය වන්නේ, Perusu ඉන්දියානු දමිළ චිත්‍රපටයත් ලංකාවේ අපේ ‘නෙලුම් කුලුන’ සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් වීමයි.
ලාංකීය සිනමාපටයක් ඉන්දියාවට Remake වූ පළමු සහ එකම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්! චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන්නේ ලාංකීය සිනමාකරුවෙකු වන ඉලංගෝ රාම් විසිනුයි.
ඉන්දියානු දෙමළ බාසාවෙන් පමණක් නොවෙයි, ඉදිරියේදී හින්දි බාසාවෙන් නෙලුම් කුලුන Bollywood චිත්‍රපටයකුත් ඔබට නරඹන්නට හැකියාව ලැබෙනවා.
එපමණකුත් නෙමෙයි, ඇමරිකානු Hollywood ප්‍රතිනිර්මාණය ලෙසටත් මෙය ඉදිරියේදී යලි-නිෂ්පාදනය වීමට නියමිතයි.
මෙම ලාංකීය චිත්‍රපටයේ ස්පාඤ්ඤ – ඉතාලි – ප්‍රංශ – බෙල්ජියම් Remakes සඳහාත් මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඉතා නුදුරේදීම ඒවායේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් සූදානම්…
මෙහි ඉන්දියානු කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu චිත්‍රපටය නිෂ්පාදනය කළේ Jigarthanda – Pizza – Petta වැනි ජනප්‍රිය සිනමාපට ඔබ වෙත ගෙනා කාර්තික් සුබ්බුරාජ් විසිනුයි.
මීට පෙර ලාංකීය චිත්‍රපටයකට ලෝ පුරා ප්‍රධාන සිනමා කර්මාන්තවලට මෙතරම් remake වන්නට තරම් අවස්ථාවක් ලැබී තිබුනේ නැහැ. ලෝ පුරා මෙවැනි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නටත් සමත් වූයේත් නැහැ.
නමුත් නෙලුම් කුලුන චිත්‍රපටය, දැන් ඒ කඩයිම පසු කර තිබෙනවා!
Ilango Ram නෙළුම් කුළුණ