“මං මගේ චරිතය පෙන්නලා නෑ.. පෙන්නන්නෙත් නෑ..” කවුරුත් ආදරය කරන කඩවසම් ඔහු මේ තරම් වසන් කරන්නේ මොකක්ද..?

“මං මගේ චරිතය පෙන්නලා නෑ.. පෙන්නන්නෙත් නෑ..” කවුරුත් ආදරය කරන කඩවසම් ඔහු මේ තරම් වසන් කරන්නේ මොකක්ද..?

වගේම අදත් පුංචි තිරයේ සිහින තරුවක්..

ඒ විතරක් නෙවෙයි ඒ කඩවසම් බවට වශී වුණු තරුණියෝ තවමත් ඔහුගේ තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා..

ධනුක දිල්ෂාන්.. තාරුණ්‍යයේ බොහෝ දෙනාගේ සිත් බැඳි රංගන ශිල්පියෙක්… කාලෙකට පස්සේ මේ කඩවසම් තරුව හිරු තිරය හරහා ඔබට දැකගන්න පුළුවන් වුණා.. ඒ “පාවී එන්න ආසයි” ටෙලිනාට්‍ය හරහායි..

පසුගිය දවස්වල හිරු තිරය හරහා ජනප්‍රියයි.. කොහොමද මේ දවස්වල වැඩකටයුතු..

ඔව්, හිරු එකත් එක්ක පාවී වෙන්න ආසයි ටෙලි නාට්‍ය විකාශය වුණා.. ඒ එක්ක දිගටම වැඩකටයුතු කළා.. ඒ වගේම චිත්‍රපටවලින් මාව දැකගන්න පුළුවන් වේවි.. මගේ ගිය අවුරුද්දේ ෆිල්ම් එකක් ආවා.. මේ අවුද්දේ අප්‍රේල්වල වගේ තව ෆිල්ම් 3ක් රිලීස් වෙන්න තියනවා.. ඉතින් ඔය ටික තමයි මේ දවස්වල වැඩකටයුතු..

කලාවට අමතරව ධනුක වෙන වෙන වැඩකටයුතුවල නියැලෙනවාද..?

කලාවට අමතරව තව පොඩි ව්‍යාපාර කටයුතු කිහිපයක් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා.. ඔව් ඉතින් එහෙම තමයි..

ඔබේ ජීවිතයේ මූලික තැන ලැබෙන්නේ රංගනයට.. රංගනයේ වෙනස් වෙනස් චරිතවලින් ඔබ දැකගන්න ලැබේවිද..?

ඇත්තටම තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු වෙනස් විදිහේ චිත්‍රපටයක් එන්න තියනවා.. ඒක වෙනස් වැඩක්.. මෑත කාලයේ විවිධ අධ්‍යක්ෂකවරුන්ගේ නිශ්පාදකවරුන්ගේ වෙනස් වෙනස් වැඩ ගොඩක් දැකගන්න ලැබුණා.. ඒ වගේම තවත් හොඳ චිත්‍රපට ගණනාවක් ලංකාවට ඇවිත් තියනවා.. ඒ අතර තිසර ඉඹුලානගේ මේ වැඩේ ගැනත් කියන්න ඕන.. මේක ලෝකෙටම ලොකු ලස්සන ෆිල්ම් එකක් වෙයි.. ඒ වගේම ජගත් බෙනෙරගම අයියාගේ පළමු අධ්‍යක්ෂණය , කොටස් 60ක වැඩක් මං ඉවර කළා.. ඒක කාලෙකට පස්සේ මං කළ ලස්සනම වැඩක් වෙයි.. දවස් 150 ෂූට්‍ කළා අපි.. ඒකත් එක්ක තව ෆිල්ම් 2ක් කළා.. ඒ ගැන පස්සේ කියන්නම් නේ…

ධනුක දිල්ෂාන් කියන රංගන ශිල්පියා නෙවෙයි, ධනුක කියන චරිතය ඇතුළේ වෙනස්කම් දැකගන්න පුළුවන් වෙයිද මෑත කාලයකදී…

වෙනස්කම් නම් ඉතින් හැම වෙලේම වගේ සාමාන්‍යයෙන් ලෝකයේ වෙනවානේ.. මගේ චරිතය ගත්තොත් මං මගේ චරිතය, ඒ කියන්නේ ධනුක දිල්ෂාන් කියන චරිතය මං මේ ෆීල්ඩ් එකේ අයට පෙන්නලත් නෑ.. පෙන්නන්නෙත් නෑ..

ඒ කියන්නේ ඔබ ක්ෂේත්‍රය ඇතුළේ හුදකලා වෙලාද..?

නෑ මං මගේ ජොබ් එක කළා.. ගෙදර ගියා.. එච්චරයි ඉතින්..

අපි කැමතියි ඔබේ පවුලේ විස්තරත් දැනගන්න..

මගේ ගෙදර ගැන කතා කළොත්, මගේ නංගී ඉන්නවා.. එයා කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉගෙන ගන්නේ.. ඉතින් එයා තව ටික දවසකින් ඔස්ට්‍රේලියාවේ යනවා වැඩිදුර අධ්‍යාපන සඳහා.. එයා ගියාට පස්සේ තමයි මට පොඩි රිලැක්ස් එකක් එන්නේ මොකක්ද කරන්නේ කියලා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *