ඔයාට රඟපාන්න පුළුවන් උනාට සිංහල හරියට බෑ.. ඔයා යන්න..
1953 වසරේදී “ප්‍රේම තරඟය” නම් සිංහල චිත්‍රපටියේ රඟපාන්න එන නවක නිළියව එහි සිංහල හරියට කතාකරගන්න බැරි ඉන්දියානු අධ්‍යක්ෂකවරයා වූ ඒ.බී. රාජ් සහ නිෂ්පාදකවරයා වූ එස්.එම්. නායගම් විසින් ප්‍රතික්ෂෙප කරනවා.
මේ නවක සුරූපී නිළිය වන්නේ ලංකාවේ ඉංග්‍රීසි කතා කරන පවුලක උපන් බර්ග යුවතියක් වූ මොරීන් නෙලීයා හින්ගර්ට් නම් ඉතා සුන්දර යුවතියයි..
ඇය සිංහල කතා කළත් ඇයගේ උච්චාරනය ඉංග්‍රීසි පන්නයේ හඬහැසිරවීමක් තිබූ නිසාත් එවකට ඉන්දියානු අධ්‍යක්ෂකවරු බලාපොත්තු වූ දකුණු ඉන්දියානු යුවතියන්ගේ පිරිපුන් ශරීරය සහ බොරුවට හුරතල් වන පෙනුමක් ඇය සතුව නැතිවීමත් මොරීන් මේ චිත්‍රපටියෙන් ප්‍රතික්ෂෙප වන්නට ප්‍රධාන හේතුව වන්නට ඇති.
කෙසේ නමුත් මොරීන් මෙයින් සැලෙන්නේ නම් නෑ. ඉන් වසර දෙකකට පසුව මොරීන් ලංකාවේ එතෙක් මෙතෙක් සුරූපිණියක් ලෙස ලංකාවට කීර්තියක් අතකර දෙන්නට සමත් වෙන්නේ 1955 වසරේදී පැවැත්වූ ලෝක විශ්ව රූ රැජින තරගයේ අනුශූරතාව හිම්කර ගනිමිනුයි.
මෙය ලංකාව කියන රටට ජාත්‍යාන්තර අවධානය ලබාගැනීමට ලොකු මෙහෙවරක් ලබා දුන් අවස්ථාවක් ලෙස ඉතිහාස ගතවූවා මෙන්ම මේ ජයග්‍රහනයත් එක්ක මොරීන්ට රටේ ලොකු පිළිගැනීමක් ලැබෙනවා..
මොරීන් ප්‍රතික්ෂෙප කළ නිෂ්පාදකයින් සහ අධ්‍යක්ෂකයින් ඇයගේ පසුපස එන්නට පටන් ගන්නේ ඉන් පසුවයි..
වරක් ප්‍රතික්ෂෙප වූ මොරීන් ඉන් පසු කිසිදාක සිංහල නිළියක් ලෙස තිරය සරසන්න කැමතිවෙන්නේ නෑ.. තමන්ගේ රටේදීම අන් ජාතිකයින් විසින් ප්‍රතික්ෂෙප වූ මොරීන් ඉන් පසුව ඇයට හොලිවුඩයෙන් ලැබෙන රංගන අවස්ථාවන් සඳහා අවධානය යොමු කරනවා.
ඒ අනුව 1956-57 වසරවලදී බ්‍රිතාන්‍යයේ විකාශනය වූ රූපවාහිනී නාට්‍ය මාලාවක් වන Captain David Griefහී Anura නම් ස්වදේශික තරුණියගේ චරිතය සදහා මොරීන්ව තෝරාගන්නා ලද අතර. ඇගේ රන්වන් පැහැ සුන්දර පැහැදිලි සමේ පැහැය සහ සුන්දරත්වය නිසාම ලාංකික සිනමාවේ ප්‍රතික්ෂේප ඌ ඇය හොලිවුඩය ජයගන්නවා.
1958දී ඇයට “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබුණ ඇයගේ එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව මූලාශ්‍ර වාර්තා වල සදහන්. ඒ අනුව Play Boy සගරාවේ පලවූ පළමු සහ එකම ලාංකික කාන්තාව වන්නෙත් ඇයයි .
ඇය 20 Century Fox හා Universal International Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්‍රපට සදහා දායක වූ බව සදහන් වනවා. ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail වූ අතර ඒ යුගයේ සුන්දරම හොලිවුඩ් නිලියන් අතර ඇයටද ප්‍රමුඛ ස්ථානයක් හිමි වූ බව අනිවාර්යයෙන් කිව යුතුමයි..
Marion Zamperelli සමග 1958 විවාහවූ ඇය 1970 දී ඔහුගෙන් වෙන්වී 1976දී William J. Ballard සමග විවාහ වනව. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇගේ දියණිය පිළිකා රෝගයෙන් මිය යෑමත් සමග Maureen ගත කර තිබුනේ මාධ්‍යයෙන් දුරස් වූ ජීවිතයක්..
ප්‍රතික්ෂෙප වීම තුලින් ඇය ජීවිතය ජයගන්නේ ඒ අයුරිනුයි..
Mmp Ranaweera