දෙවුන්දර සිද්ධියෙන් මිලින වූ පසිඳුගේ අවසන් කටයුතු අද… මූණ හදන්න ලක්ෂ 10ක් ගිහින්…

දෙවුන්දර සිද්ධියෙන් මිලින වූ පසිඳුගේ අවසන් කටයුතු අද… මූණ හදන්න ලක්ෂ 10ක් ගිහින්…

දෙවුන්දර වෙඩි තැබීමේ සිදුවීම රටම කැළඹූ පුවතක් …

මේ කියන්න හදන්නේ ඒ ගැන ලැබුණු තවත් ආරංචියක් ගැනයි…
දෙවිනුවර වෙඩිතැබීමෙන් මියගිය පසිඳු තාරක නැමැති 29 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අද සිදු කිරිමට නියමිතයි.

එම තරුණයාගේ පියා ධීවර රැකියාව සඳහා ගොස් සිටීම හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම පමාවී තිබු අතර, ඔහු අද දිනයේදීයි යළි ගොඩබිමට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මියගිය පසිඳුගේ දේහය රිය පෙරහරකින් ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන එනු ලැබුවා.

පසුගිය 21 වනදා රාත්‍රීයේ සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී ජීවිතක්ෂයට පත් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ අයෙක්.

කෙසේ වෙතත් සිද්ධියෙන් මිය ගිය පසිඳු තාරකට කිසිදු චෝදනාවක් නොමැති බවයි වාර්තා වුණේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව පසුගියදා මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සැකකරුවන් පළා යමින් සිටිය දී මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් දෙවුන්දර සහ දෙවිනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඝාතනයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතනය සිදුකළ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන දෙහි බාලේ නැමැත්තාගේ සහෝදරයා සමග සබදතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු පිළිබඳව ද මේ වනවිට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

මාතර – දෙවුන්දර ප්‍රදේශයේ සිදු වූ මේ වෙඩි තැබීමෙන් මියගිය පසිඳු නාරක නමැති තරුණයාගේ සොයුරිය ද සිය සොයුරාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළා.

එහිදී ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්.

”මගේ මල්ලී මාතර සෙන් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනගෙන රුසියාවේ කැම්පස් එකකින් ඩිග්‍රියක් අරගෙන නැවතත් ලංකාවට ඇවිල්ලා හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. දැනට විදුලිබල මණ්ඩලයේ සේවය කරේ. ටික දවසක ඉඳන් මේ යාළුවොත් එක්ක ඇසුරු කළා. එයා දන්නේ නැහැ මෙච්චර ඒ යාළුවා ඇසුරු කළාට එයාගේ ජීවිතේට තර්ජනයක් වෙයි කියලා. එයා නොදැනුවත්කමට තමයි එදා බයික් එකේ නැගලා ආවේ. නිකරුණේ එයා නොදන්න දේකට එයාව අඳුරගන්නේ නැතුව මේ වෙඩි වැදුණා කියලා තමයි අපි දන්නේ. කවදාවත් ඔලුවක් උස්සලා පාරෙදි යන කොට බලන්නේ නැහැ මූණක්. ඒ තරම් අහිංසක ළමයෙක්ට මේ වගේ දෙයක් වුණේ. තාත්තා තාම ගොඩබිමට ආවෙත් නැහැ. තාත්තා ගොඩබිමට එන කොට තව දවසක් දෙකක් ගතවෙයි. අක්කා කෙනෙක් විදියට අපි කොහොමද ජීවත් වෙන්නේ? අපිට හරි අමාරුයි.

අපි මේ දරාගත්ත දේවලුත් දරාගන්න. මේ ටික දරාගන්නෙත් බොහොම අමාරුවෙන්. මල්ලිගේ බොඩි එකේ මම හිතන්නේ ගන් ෂොට් තිබුණා ඔළුවේ පිටි පැත්තෙන් වැදිච්ච එක, වම් ඇහැක ගලවගෙන බිමට වැටෙන්න වැටෙන්න. කන් දෙක එයාගේ කන් දෙකේ ලස්සන කරාබු දෙකක් තිබුණා. කරාඹුවත් කඩාගෙනම ඇහැත් ගලවන් බිමට වැටෙන තරමට ෂොට් එක වැදිලා තිබුණා. ඒකෙන් තමා එයා නැති වෙන්න ඇත්තේ. ඇඟේ තිබුණා වෙඩි උණ්ඩ මං හිතන්නේ. දාහතක්, දහ අටක් වගේ. ඌර බාහුව කැඩිලා තිබුණා. මැණික් කටුව ගාවින් කැඩිලා තිබුණා. ඉනට එකක් වැදිලා තිබුණා.එයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්. නමුත් එයාගේ වම් ඇහැත් එක්ක සම්පූර්ණයෙන්ම මූනේ වම් පැත්ත. කන ඉඳලා එයාට නැතිවෙලා තියෙනවා ඒ වලින්. මං හිතන්නේ ඔලුවට වෙඩි හත අටක් නමයක් වගේ වැදිලා තියෙනවා. ඒක නිසා එයාගේ මුහුණ විකෘති වෙලා අපි අපිට පුළුවන් උපරිම උත්සාහය දරලා ලොකු වියදමක් දරලා. එයා කැමති නැහැ කැතට ඒ විදිහට අපි ගොඩක්ම උත්සාහ ගත්තා එයාගේ තිබුණු විදිහටම හදන්න. අපිට පුළුවන් උපරිමයෙන්ම කරා අපි. . මුද්‍රා තියලා ගේන්න කැමති උන් නෑ. ඒක නිසා අපි පුළුවන් උපරිමයෙන්ම වියදම් කරලා මූණ හැදුවා. ලක්ෂ දහයකට වැඩිය ගිහිල්ලා තියෙනවා එයාගේ ඔය මූණ හදන්න. සම්පූර්ණයෙන්ම වම් ඇහැ බිමට වැටිලා තිබුණේ. වම් ඇහැ අපි ඇහිඳලා දුන්නේ. ඒ කියන්නේ අපි කැමති නැහැ. අපි අන්තිම මොහොතේ එයාව හරියටම අපිට මූණ දකින්න බැරි වුණානේ.”

මෙම ඝානයෙන් මියගිය යොමේෂ් නදිෂාන්ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා.

එමෙන්ම මෙම ඝාතනය, විදේශයක සැඟව සිටින දෙහි බාලේ මල්ලී නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදිෂාන් අතර ඇති වූ ආරවුලක් මන සිදු වූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

යොමේෂ් සහ පසිඳු මෙලෙස ටෙඩි ප්‍රහාරයට ලක්ව නිබුණේ මිතුරෙකුගේ නිවසක තිබූ උපන් දින සාදයකට සහභාගී වී ආපසු යමින් සිට යදියි.

මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් පොලිසිය පසුගිය 05 වැනිදා සොයාගත් අතර අදාළ මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැයද වෙනස් කර තිබෙනවා.

මේ අතර මෙම ඝාතනය සිදුකළ දෙහිගෙදර බාලේ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා සමග සබදතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු පිළිබද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ ඝාතනයට පෙරද ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරු කරනු ලැබුවේ ද අදාළ පාතාල සාමාජිකයින් සමග සබදතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වීමත් සමග බවයි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදුකෙරෙන්නේ ද ගන්දර පොලිසිය විසින්.

ඝාතන සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවක ඇතුලු‍ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන කසුන් හෙවත් බිල්ඩර් නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *