පසුගිය කාලේ රටක් කතා කල වෙඩිම. රටම ආදරේ කරන සංජානා ගැන ඔහු කිව්වේ මෙහෙමයි…

පසුගිය කාලේ රටක් කතා කල වෙඩිම. රටම ආදරේ කරන සංජානා ගැන ඔහු කිව්වේ මෙහෙමයි…

දවස්වල කාගේත් ආකර්ශනය දිනාගත්ත තාරකාවක්.. ඒ ඇගේ සුරූපි බව නිසා වගේම ළඟදී දවසක ඇය ගත්ත ලස්සන වෙඩින් එකත් ඒකට හේතුවක්..

සංජානා ගමාරච්චි, මේ කියන්නේ රටක් ආදරය කරන ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්.. විවාහයෙන් පස්සේ ඇය කලාවට සමුදේවිද..? මේ ඔහු කියන්නේ ඒ ගැනද..?

ඇය ගැන මීටත් වඩා හොඳට දන්න කෙනෙක් නම් දැන් නැතුව ඇති.. මෙන්න බලන්නකෝ සංජානාගේ ආදරණීය සැමියා විහඟ ඔවුන්ගේ විවාහයෙන් පස්සේ කියලා තිබුණු කතාව..

විහඟ නම් ආයෙම විදෙස් ගත වෙනවා නේද?
ඔව් මම තව සතියක් වගේ කාලයක් ලංකාවේ ඉන්නේ. ඊට පස්සේ සුපුරුදු විදියට ඔස්ට්‍රේලියාවට යනවා.

සංජානාගේ හමුවීම ගැන දැනෙන්නේ කොහොමද?
මම හිතන්නේ මේ මගේ ජීවිතේට හමුවූ හොඳම හමුවීම. ඒ නිසා තමයි අපි කසාද ජිවිතයට පවා එන්න හිතුවේ. අපි දෙන්නගේ ජිවිත ගැන අපි දෙන්නටම හොඳ අවබෝධයක් තියෙනවා.

සංජානාට දිගටම රඟපාන්න අවසර දීලාද තියෙන්නේ…
ඔව්. අපි විවාහ ගිවිසගෙනත් අවුරුදු දෙකහාමාරක් වගේ කාලයක් ගත වුණා. ඒ කාලය තුළත් එයා රඟපෑම් කටයුතු කළා. ඒ එක්කම විදෙස්ගතවත් හිටියා. ඉදිරියටත් දෙපැත්තම බැලන්ස් කරගෙන යයි.

සංජානා මේ සැරේ ගොඩක් කෙට්ටු වෙලා හිටියේ, විහඟ කැමැති දැන් ඉන්න විදියටද?
මම නම් ඇත්තටම එයා ගොඩක් කෙට්ටු වෙනවට කැමැති නැහැ. එයා ලංකාවට එන්න කලින් හිටියට වඩා දැන් කෙට්ටුයි. ඒකට හේතුව එයා මේ දිනවල හිරු මෙගා ස්ටාර් එකේ ඩාන්ස් කරනවා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මුල් කාලයේ එයා ඩයට් ප්ලෑන් එකකට ගියේ වෙඩින් එක වෙද්දී ඇඟ හදාගන්න. නමුත් ඩයට් එකත් එක්කම ඩාන්ස් කරන්න ගත්ත එකත් එක්ක හිතුවට වඩා කෙට්ටු වුණා. මේ දවස් ටිකේ ආයේ පොඩ්ඩක් හරි ගාණට ඇවිත් තියෙනවා.

විහඟටත් කලාවෙන් ඇරයුමක් ලැබුණොත් භාර ගනීද?
කොහෙත්ම නැහැ. මම කලාවට කිසිම විදියකට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. මම මගේ රැකියාව සහ ව්‍යාපාර පැති ටික කරගෙන ඉන්නවා. මම ලංකාවට එනවා යනවා මිසක දීර්ඝ කාලයක් ලංකාවේ රැඳෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. යම් කිසි දවසක ලංකාවට ඇවිත් ජිවත් වෙන්න ආසයි. නමුත් මේ කාලයේ කරන්න බැහැ.

ඔබේ රැකියාව මොකක් ද?
තොරතුරු තාක්ෂණ කෂේත්‍රයේ රැකියාව කරන්නේ.

විහඟගේ පවුලේ තොරතුරු මොනවද?
මම පවුලේ තනි ළමයා. මගේ තාත්තා මට අවුරුදු 16දී නැතිවෙනවා. එතැනින් පස්සේ අම්මා තමයි හැමදේම කළේ. පාසල් ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට. ගම බත්තරමුල්ල කොස්වත්ත.

පවුලේ එකා යකා කියනවනේ, විහඟත් එහෙමද?
එකා යකා කියලා හිතනවා.

සංජානාගේ වෙනස් වෙන්න ඕනේ දේ මොකක්ද?
වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ මොන වැඩේට යන්න ගියත් අන්තිම මොහොතේ තමයි ලෑස්ති වෙන්නේ. ඒක ජිවිතේ එක කෑල්ලක් විතරයි. ඒ හැර අනිත් දේවල් ඔක්කොම හොඳයි.

දෙන්නා අතර රණ්ඩුවක් වුණොත් මුලින්ම කතා කරන්නේ කවුද?
මුලින්ම කතා කරන්නේ මම තමයි. එයා සාමාන්‍යයෙන් තරහ වුණොත් නිහඬව ඉන්නවා. ෆෝන් එක බලන් ඉන්නවා හෝ ටීවී බලනවා.

අනාගත සැලසුම් මොනවද?
විශේෂ බලාපොරොත්තු නැහැ. ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන එක සහ මගේ රැකියාව කරගෙන ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන එක තමයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *