රැකියාවකට ජීවිතේ සීමා නොකර සූපවේදයක් art එකක් කරගෙන ලෝකය දිනූ චරිත්ගේ කතාව මෙන්න

රැකියාවකට ජීවිතේ සීමා නොකර සූපවේදයක් art එකක් කරගෙන ලෝකය දිනූ චරිත්ගේ කතාව මෙන්න

කවුරුත් රසවත් ආහාර වේලක රස බලන්න කැමතියි.

ඉවුම් පිහුම් සිදුකළ යුත්තේ කාන්තාවන් පමණක් යන ඒකාකෘතික සම්මතය තවමත් මුළුමනින්ම යටපත් වී නොමැති වටපිටාවක රසවත් ලෙස ආහාර පිසීමෙන් පමණක් නතර නොවී සිය දක්ෂතාව ඩිජිටල් අවකාශය ඔස්සේ මුළු ලෝකයක් හමුවට ඔහු ගෙන ආවා.

සයිබර් අවකාශයේ ඔහු කවුරුත් හඳුනන්නේ ‘Wild CookBook’ යන නමිනි.

අද වෙනකොට මිලියන ගානක ප්‍රේක්ශක ආදරයක් හිමි කරගන්න සමත් වෙලා තියෙන ඔහු නමින් චරිත් නිපුන් සිල්වා.

ඉතින් මේ වන විට ශ්‍රී ලාංකීය Youtube ඉතිහාසය උඩු යටිකුරු කරන්න චරිත්ට පුලුවන් වෙලා.

ඒ youtube subscribers ලා මිලියන දහය එහෙමත් නැත්නම් subscribers ලා ලක්ශ 100ය සම්පූර්ණ කරමින්.

ඒ කියන්නේ Diamond play button එක හිමිකරගත්ත ලංකාවේ එකම සහ ප්‍රථම youtuber බවට පත්වෙමින්.

සමාජමාධ්‍ය තුළ Cooking entertainment category එකේ වෙනස්ම විදිහේ වැඩ ගොඩක් චරිත් තමන්ගේ channel එක හරහා කරගෙන යනවා.

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම wild cook bookගේ style එකට කැමති ප්‍රේක්ශකයෝ ඉන්නවා.

ඉතින් මිලියන ගානක ආදරයක් එක්ක ශ්‍රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ සනිටුහන් කරන්න චරිත් යන ගමනට හිරු ගොසිප් අපි සුබ පැතුම් එක්කරනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *