එයාට ආදරේ කරන අයටයි මේ සුභ ආරංචිය… උදාරිගේ එන්න යන අලුත්ම වැඩේ මෙන්න

එයාට ආදරේ කරන අයටයි මේ සුභ ආරංචිය… උදාරිගේ එන්න යන අලුත්ම වැඩේ මෙන්න

Upcoming movies of Udari Warnakulasooriya ♥️️

Devi Kusumasana by Jayantha chandrasiri
දේවි සම්බුලා / Sambula by Jackson Antony
Aka Geyi Sokari by Jackson Antony
The Wife by Shameera Naotunna

උදාරි වර්ණකුලසූරිය දශක එකහමාරකයත් වැඩි කාලයක පටන් ලංකාවෙ සිනමා ටෙලිනාට්‍ය කලාව ඇතුලෙ නමක් දිනූ දක්ෂ රංගන ශිල්පිනියක් වූ බව කවුරුත් පිළිගන්නා දෙයක්. නිරූපණ ශිල්පිණියක් , පූරකවරියක් ලෙස ක්ශේත්‍රයට පිවිසෙන උදාරි එහි දී ලැබූ ජයග්‍රහණ කිහිපයකුත් තිබෙනවා. 2015 වසරේ Mrs. Sri Lanka for Mrs. Globe 2015 හි ජයග්‍රාහිකාව දන්නෙද ඇයයි. දෙරණ TV හි විකාශය වූ Juke box ඇය මෙහෙය වූ වැඩසටහනක්. ටෙලි නාට්‍ය කලාවේද ප්‍රේක්ශක මතකයේ රැදුණු බොඳ මීදුම්,බිනර මලී, අහස් මාලිකා , අලුපාට දේදුණු වැනි ටෙලිනාට්‍ය ගණනාවකින් ඇය හමුවී තිබෙනවා. විකාශය අවසන් වූ සිටුවර පුවත ටෙලිනාට්‍ය මෑතක උදාරි රංගනයෙන් එකතු ටෙලිනාට්‍යයක් ලෙස සැලකිය හැකියි.

2009 වසරේ උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරුසේ ‘ චිත්‍රපටියෙන් සිනමාවට එන ඇය පූජා උමාශංකර්ගෙන් පසුව මෑතකාලීන සිනමාවෙ සක්‍රීයම රංගන ශිල්පිනිය වූ බව කිව හැකියි. ආදරණීය කතාවක් , ආසු , මිදුණු විශ්වය, කවුරුත් දන්නෙ නෑ ඇගේ සිනමා ගමනේ සුවිශේෂ මතකයන් ලෙස සැලකිය හැකි චිත්‍රපට කිහිපයක්. 2023 වසරේ අභියෝගාතමක චිත්‍රපට 4කින් එකිනෙකට වෙනස් චරිත 4ක් රඟ දැක්වූ ඇය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මිදුණු විශ්වය වෙනුවෙන් හොඳම නිළිය ලෙස පසුගිය Derana Lux Film Awards හිදී සම්මනයටද පාත්‍ර වුණා. ආසූ විචාරක සහ ප්‍රේක්ශකයන්ගේ ධනාත්මක අදහස් සමඟ එම වසරේ තිරගත වූ අතර එහිදී ඇය නිරූපණය කලේ පියයුරු පිළිකාවක් නිසා මියයමින් සිටි ගැබිණි මවකගේ චරිතයක්. නිශ්චිත කාලයක් සඳහන් නොවූ කතාවක් නොපැවසෙන KSK චිත්‍රපටයේ පුරම්බිකාව නම් චරිතයද එම වසරේ උදාරි නිරූපණය කළා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණයක් වන දේවී සම්බුලා / Sambula චිත්‍රපට ද්විත්වය එකම තලයක භාෂා ද්විත්වයකින් රූපගත කෙරූ නිර්මාණයක් බව සඳහන්.ජැක්සන් ඇන්තනී,ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ඉදිරියට තිරගත වීමට නියමිත දැවැන්ත නිශ්පාදනයන්ගේ සිට ශමීර නාඔටුන්න වැනි තරුණ අධ්‍යක්ෂකවරුගේ කාලීන කතා පුවත් ගෙනෙන චිත්‍රපටවලිනුත් ඉදිරියේදී සිනමා තිරය සැරසිමට නියමිත උදාරීට , රිදී තිරයේ තවත් දිදුළන කාලයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඊයේ දිනයේ උපන්දිනය ද සැමරූ ඇයට සිනෙමායා අපේ සුබපැතුම්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *