ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය රයිගම සම්මාන උළෙල අති උත්කර්ශවත් ලෙස ඊයේ පැවැත්වුනා.
එහී 2024 වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ අපි කවුරුත් ආදරේ කරන ඒ චරිතය අභිෂේකා විමලවීර,
ඉතිං මේ විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලැබූ ඇය සිය රසිකයින්ට ස්තූති කරන්නත් අමතක කරේ නැ…
මේ ඒ ගැන ඇය තැබූ අපූරු සටහනයි.
“2025 වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව”
රයිගම් ටෙලි සම්මාන!
මගේ දේශයේ යශෝරාවය , නන්දා මාලිනිය සමග ටෙලි නාට්‍ය තේමා ගීතයක් ගායනා කරන්නට ලැබීම මගේ සිහින ලැයිස්තුවේ නොතිබූ සිහිනයක් බව වසරකට පෙර මම ඔබට කීවෙමි.
ඒ ගීතයේ පද රචනය හා ගායනය වෙනුවෙන් නිර්දේශ නාම දෙකක් හා අවසානයේ 2025 වසරේ “විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව” යන සම්මානය ඊයේ දින ලබා ගැනීමට හැකි විය.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන මේ ගීයේ සංගීත අධ්යක්ෂ ,ඉන්ද්‍රජිත් මිරිහාන අයියාට අනේක වාරයක් ස්තූතියි..
ඊයේ සහභාගී වීමට නොහැකි වූවත්,සැමදා හදවතින්ම මාගේ ගමනට ආශිර්වාද කරන සදාහරිත නන්දා මාලිනියට මම ණය ගැතියි.එතුමියට නීරෝගී සම්පත්තියම ලැබේවා.
ගීතයට දුන් වටිනාකමට ආදරණීය සාරංග අයියාටත්,ඩිනක්ෂි නංගිටත්, අනුෂ්ක,සසංක ඇතුළු Take Care කණ්ඩායමටමත් බොහොම ස්තූතියි.
ගෞරවණීය රයිගම් ජූරියට, රයිගම් සංවිධායක මණ්ඩලයට ස්තූතියි..
2016 සිට මා වටා වෙළෙමින් , මගේ ප්‍රසංග වල ප්‍රධාන අනුග්‍රාහකයා වෙමින්,දුකේදී මටත් කලියෙන් හඩන ,මටත් කලියෙන් මගේ දිනුමේදී සතුටු වෙන, මේ ගීතය පවා TRENDING 1 කළ ප්‍රේමණීයම මිත්රාගාරයට ස්තූතියි..
ඔයාට මේ පාර නම් ලැබෙනවාමයි කියා මා කේන්ති ගැස්සූ අම්මාට ස්තූතියි..
මගේ සිහින ලැයිස්තුවේ නොතිබුණු හීන දුටු එකම දුඹුරු ඇස් දෙක…තාත්තාටත්,
සුබ නොපතා, නොදුටුවා සේ ඉන්නා මගේ වැහි කවියටත්
ඉතින් …
ස්තූතියි…ආදරෙයි…
අභී!