” අපිත් එක්ක මොන තරම් අසේනිලා ඉන්නවාද කියලා පෙන්නුවේ මේ අසේනි කියන චරිතේ..” ජූරියේ ඇගයීමකට ලක් වූ අසේනි ෆේස්බුක් ඇවිත් කියපු දේ…

” අපිත් එක්ක මොන තරම් අසේනිලා ඉන්නවාද කියලා පෙන්නුවේ මේ අසේනි කියන චරිතේ..” ජූරියේ ඇගයීමකට ලක් වූ අසේනි ෆේස්බුක් ඇවිත් කියපු දේ…

අපිත් එක්ක මොනතරම් අසේනිලා ඉන්නවද කියලා පෙන්නුවෙ මේ අසේනි කියන චරිතෙ.

මේ සම්මානෙ දුන්න Raigam Tele’es ජූරියටත්, මේ උළෙල ලස්සනට සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයටත්, අසේනි චරිතෙට ඇත්ත වටිනාකමක් දුන්න ප්‍රේක්ෂක ඔබටත් ගොඩක් ස්තූතියි. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉඩක් දිනාගන්න ලැබුන එක තමයි ලොකුම ජයග්‍රහණය!

මටත් වඩා මාව විස්වාස කරලා මේ වැඩේට ගත්ත අධ්‍යක්ෂකතුමා Anushka Rasanjana De Silva
අසේනි චරිතය පරිස්සමෙන් ගොඩනගන්න උදව් කරපු
Saranga Disasekara අයියා Dinakshie Priyasad අක්කා,,
ඕනම වෙලාවක අපිත් එක්ක සහ වැඩෙත් එක්ක හිටපු Winsitha Wineth Kumarapeli ඇතුළු Take Care කණ්ඩායමේ ඔයාලා හැමෝටම බොහොම ස්තූති ආදරෙයි

ඒ වගේම බය නැතුව තීන්දු අරගෙන Take Care එකට ලොකු සහයක් දුන්න ITN හිටපු සභාපති Sudarshana Gunawardana මහතා ඇතුළු ITN Sri Lanka කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තූති

Take Care සහ අසේනි වෙනුවෙන් ඔයාලා කතා කරපු හැම වචනෙකටම, ලියපු හැම අකුරකටම වටිනාකමක් මේ සම්මානෙත් එක්ක ඔයාලටත් ලැබෙනවා. අඩුපාඩු තියනව නම් කියලා දෙන්න… අපි හිමින් හිමින් පරිස්සමෙන් දුර ගමනක් යමු… ඉතිං… ආදරෙයි නම් පරිස්සම් කරගන්න… Take Care

Rebecca Dilrukshi

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *