දවස් 28කින් Youtube නැරඹුම් වාර මිලියන දහයේ සීමාව පසු කළ “Trip එක පාන්දරින්”
මේ දවස්වල කාගෙත් මුවග නිරායාසයෙන්ම රැඳුණු අපූරු ගීතයක් තමයි, ‘ට්‍රිප් එක පාන්දරින්’ ගීත නිර්මාණය.
”ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා..”
තාලෙට කියවුණා නේද…
එහෙම නිරායාසයෙන්ම තාලෙට කියවෙන්න තරම්, මේ ගීතය ලොකු කුඩා කාගෙත් හදවත්වල ළැඟුම්ගෙන අවසන්.
මේ කාලෙකට පස්සෙ අහන්න ලැබුණු අපූරු ළමා ගීතයක් කිව්වොත් හරි.
දිනුලි දම්සඳී දූගේ හඬින් ගැයෙන “Trip එක පාන්දරින්” පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගේ.
මේ අපූරු ගීතය පහුගියදා (මාර්තු 28) සුවිශේෂී කඩඉමක් පසුකළා. ඒ, Youtube නැරඹුම් වාර මිලියන දහයේ සීමාව පසුකරමින්.
ගීතය නිකුත් කළේ පෙබරවාරි 28. ඊට හරියටම දවස් 28කින් ගීතය 10Million views ලබාගන්නවා.
මේක ලාංකීය Youtube ඉතිහාසයේ වාර්තාවක් වෙන්නෙ, ලංකාවේ Music Video එකක් Youtube එකේ 10Million views අඩුම දින ගණනකින් ළඟා කරගත් ගීතය වීම නිසාවෙන්.
ඒ විතරක් නෙවෙයි, ගීතය නිකුත් කරලා පැය විසිහතරක් යන්නත් කලින් Trending 1 වෙනවා.
ළමා ගීතයක් මේ තරම් ඉහළින් ඔසවා තැබීම අගය කළ යුතුම කාරණාවක්.
එහෙනම්, හැමෝවම ලස්සන Trip එකක් එක්ක ගිය පුංචි දිනුලි ඇතුලු ගීතය වෙනුවෙන් මහන්සි වුණු හැමෝටම අපෙන් සුබපැතුම් !
Copied