ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන කුළුබඩු විශේෂයක් වන අතර එය ආහාරයේ රසය හා සුවඳ වැඩිදියුණු කරනවා…
ඊට අමතරව සූදුරු වල ඉමහත් වූ පෝෂණීය ගුණයක් ඇති බව ඔබ දන්නවාද?
සූදුරු හිතකර මේද අම්ල වලින් ද යකඩ මැග්නීසියම් පොටෑසියම් තඹ වැනි ඛනිජ ලවණ වලින්ද විටමින්-A, විටමින්-B3, විටමින්-C වැනි විටමින් වලින්ද පොහොසත් වන අතර ශරීරයට වැඩිපුර හිතකර නොවන සෝඩියම් සහ සංතෘප්ත මේද අම්ල එහි අඩංගු වන්නේ ඉතා සුළු ප්‍රමාණ වලින්.
එම නිසා සුදුරු දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් අත්විඳීමට හැකිවෙනවා…
ඒවා පහත පරිදි දක්වන්න පුළුවන්…
සූදුරු වල් අති සුවිශේෂී රසය හා සුවඳ හේතු කොටගෙන ආහාර ජීරණයට උදවුවන ඛේට ග්‍රන්ථි හා ආමාශයික ශ්‍රාවයන් උත්තේජනය වීම සිදුවෙනවා… එය අපේ ආහාර ජීරණය පහසු කරනවා..
සූදුරු වල් අති සුවිශේෂී සංඝටක හේතුවෙන් සූදුරු සුවිශේෂී ප්‍රතිඔක්ෂිකාරක ගුණයන් පෙන්නුම් කරයි.
අප සාමාන්‍යයෙන් භාවිතා කරන කුළුබඩු හතෙන් (කොත්තමල්ලි සූදුරු, එනසාල්, සුදු ලුණු, කුරුදු පොතු ඇතුළුව) ගෙන කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඒ අතරින් සූදුරු ඉහළම ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවයි.
එය විටමින්-C යනුවෙන් හඳුන්වන ඇස්කෝබික් අම්ලයටද වඩා ඉහළ බව වාර්තා වෙනවා. එමගින් අකලට වයසට යාමද පිළිකා ද තෙල් තැන්පත්වී ධමනි සිහින් වීම සහ ස්නායු විකෘතිතා වැනි රෝගාබාධ ද වැළැක්වීමට උපකාරී වෙනවා…
එමෙන්ම රුධිරයේ කොලෙස්ට්‍රෝල් සහ අනෙකුත් ලිපිඩ අඩු කිරීමේ ගුණයක්ද සූදුරු වල පවතී. එය රුධිරයේ කොලෙස්ට්‍රෝල් සංයුතියේ හැම සංඝටකයක්ම වැඩි දියුණු කරයි. (HDL කොලෙස්ටර්රෝල්, LDL කොලෙස්ට්‍රෝල් , Total කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්)
සූදුරු මගින් රුධිර පීඩනය අඩුකරන බවට පර්යේෂණවලින් සොයාගෙන ඇත.
සූදුරු වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ද රුධිරයේ ලිපිඩ සංයුතිය වැඩි දියුණු කිරීම මගින් ද පට්ටිකා එකතුව වීම වැලැක්වීම මගින් ද ධමනි වල තෙල් තැන්පත් වී සිහින් වීම වැලක්වේ. (ඇතරොස්ක්ලේරෝසිස්). එම්ගින් හෘදයාබාධ සහ අංශභාග වැනි රෝග වලට ඇති අවදානම අඩු කරනවා…සූදුරු ප්‍රතිකාරය මගින් මහ බඩවැලේ පිළිකා සෑදීමේ අවදානම සැලකියයුතු ලෙස වළක්වන බව සොයාගෙන ඇත. එසේම අධ්‍යයන වලින් හෙලිවී ඇත්තේ ආමාශයේ සහ අක්මා පිළිකා වලින් ද ආරක්ෂා කරන බවයි.
එමෙන්ම දියවැඩියා රෝගීන්ගේ ලේවල සීනි තත්වය පාලනය කිරීමට උපකාරී වෙනවා…
සූදුරු වල ඇති තන්තු, තඹ, මැංගනීස් වැනි ඛනිජ ලවණද විටමින්-B3, විටමින්-C ද දායක වන බව සොයා ගෙන තිබෙනවා…
සූදුරු මගින් ආහාර මඟින් බෝවන රෝග කාරක බැක්ටීරියා සහ දිලීර වලට එරෙහිව සැලකිය යුතු ප්‍රතිජීවක සහ ප්‍රතිදිලීර ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා…
සූදුරු මව් කිරි දෙන මවුවරුන්ගේ මව්කිරි ස්‍රාවය වැඩි කරනවා…
ස්නායු උත්තේජනය කිරීමට උපකාරී වෙනවා..
හොඳ යකඩ ප්‍රභේදයක් වන සූදුරු අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වෙනවා.
උපුටාගැනීමකි