අවුරුදු කාලෙට කොකිස් කාලා තිබුනට මේ විදිහට කාලා තිබුනේ නෑ නේද ? මේ විදිහට හදන්න පුළුවන් කියලා දැනගත්තෙත් අදමයි.

අවුරුදු කාලෙට කොකිස් කාලා තිබුනට මේ විදිහට කාලා තිබුනේ නෑ නේද ? මේ විදිහට හදන්න පුළුවන් කියලා දැනගත්තෙත් අදමයි.

කොකිස් කියන්නේ අවුරුදු කෑම මේසයට නැතුවම බැරි දෙයක්..

ඒ විතරක් නෙවෙයි, ගොඩක් දෙනෙක් අවුරුදු කැවිලි පෙවිලි අතර වැඩිපුර කැමැත්තක් දක්වන කෑමක් විදිහටත් කොකිස් හඳුන්වාදෙන්න පුළුවන්.. සාමාන්‍යයෙන් කොකිස් සකසන විදිහ ඒ තරම් අමාරු නොවුණත් මෙදා කොකිස් හදනකොට මෙන්න මේ වගේ වෙනස්කම් ටිකක් කරන්නත් ඔයාට හැකියාව තියනවා.. කොහොම හරි අපි මුලින්ම බලමු කොහොමද කොකිස් හදාගන්නේ කියලා..

හාල්පිටි 1kg
පාන්පිටි 1/2kg
සීනී 1/2kg
ලුණු තේ හැදි1ක්
උකු පොල්කිරි 1ක්
තෙල් බෝතල් 1/2ක්

භාජනයක් ගෙන හාල්පිටි, පාන්පිටි, ලුණු, සීනී එකිනෙකට මිශ්‍ර කරගන්න. හැකිනම් සීනී පිටිකරගෙන එක්කිරීමෙන් ඉතා හොදින් කවලම් කරගන්න පුලුවන්. ඔබට අවශය නම් සූදුරු ස්වල්පයක් එක්කරගන්න. දැන් උකුපොල්කිරි එම මිශ්‍රණයයට ක්‍රමයෙන් එකතුකරගන්න. මිශ්‍රණය හරි ආකරයට සාදාගන්න වැඩිය උකුත් නැති දියාරුත් නැති ආකාරයට.

අවශය නම් බිත්තරයක් මිශ්‍රණයට එකතුකර ගැනීමට හැකියි.

දැන් තෙල් හොදින් රත්කරගන්න. කොකිස් අච්චුව රත් වු තෙල් මත ගිල්වා මිශ්‍රණයේ ගිල්වා ගන්න. දැන් රත් වු ගැඹුරු තෙලේ රන්වන් පැහැවල තුරු බැදගන්න. මිශ්‍රණය කොකිස් අච්චුවේ සම්පුර්ණයෙන් ගිල්වා නොගන්න,මොකද නැත්තම් අච්චුවෙන් ගලව ගන්න බැරි නිසා.කරපිංචා කොකිස්..

අවශ්‍ය ද්‍රව්‍ය -:
•අවශ්‍ය පමණට කරපිංචා සහ සුදු ලූනු
•හාල් පිටි/ පාන් පිටි
•ලුණු අවශ්‍ය ප්‍රමාණයට
•කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට
•උකු පොල් කිරි කෝප්පයක්
•බිත්තර 1ක්
සාදාගන්නා ආකාරය -:
පළමුව පිටිවලට ලුණු සහ කහ අවශ්‍ය ප්‍රමාණයට එකතු කර හොදින් කවලම් කරගෙන, ඉන පසු සිහින්ව කපාගත් කරපිංචා ඒ මිශ්‍රණයට එකතු කරන්න.. එයට බිත්තරය එකතු කරගන්න. ඉන් පසුව එයට උකු පොල් කිරි අවශ්‍ය පරිදි එකතු කර ගනිමින් මිශ්‍රණය හොදින් කවලම් කරගන්න. පසුව තෙල් තාච්චියේ රත් වෙන්න තැබූ කොකිස් අච්චුවෙන් ගැඹුරු තෙලේ බැද ගන්න.

සේවරි කොකිස්..

හාල් පිටි 250g
පොල් ගෙඩියක උකු කිරි කෝප්ප 1 1/2
බිත්තර 1
රස අනුව ලුණු
චොප් කර ගත් සුදුළූණු 3
හීනියට කපාගත් කරපිංචා ඉති 2
සැර අනුව මිරිස්කුඩු
බැදීමට තෙල්සාදන ක්‍රමය:

හාල් පිටි හොදින් හලා එයට, ලුණු , ගසා ගත් බිත්තරය කරපිංචා , සුදුලූනු , මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කරන්න.
ඉන්පසු උකු පොල් කිරි ටික ටික දමමින් ඝන බැටරයක් සාදා ගන්න.
පැය 1/2 වසා තබන්න.
කොකිස් අච්චුව වැහෙන ප්‍රමානයට තෙල් දමා උනු කර ,කොකිස් අච්චුව තත්පර2 -3 ක් තෙල් එකේ බහා බැටරයේ , අච්චුවෙන් 3/4 ගිල්වා අරගෙන තාච්චියට දමන්න.තත්පර 5 ක් පමන අඩියේ නොගෑවෙන සේ බැටරය අච්චුවේම තබා පසුව සීරුවකට කූරකින් ගලවා දෙපැත්ත බැද ගන්න .

චොක්ලට් කොකිස්..

හාල් කෝප්ප 2 (එක රැයක්ම හොදට පෙගෙන්න තියන්න.)
ලුණු රස අනුව
කොකෝව කුඩු මේස හැදි 3ක් මදි වගෙනම් තව ටිකක් එකතු කරන්න
වතුර කෝප්ප 1 හො කිරි කෝප්ප එකක්
සීනි කෝප්ප 1
බිත්තර 1
බැදගන්න තෙල්ඉස්සෙල්ලම හාල් ටික බ්‍රෙන්ඩර් එකට දාල ඒකට කිරි කෝප්ප භාගයක් දාල ක්‍රීම් එකක් වගේ බ්‍රෙන්ඩ් කරන්න. කිරි මදි වගෙනං ටිකක් එකතු කරන්න පෑන් කේක් බැටර් එක ගානට ගන්න හුගාක් වතුර එකතු වුනොත් කොකිස් කැඩෙනවා. දැං ඒ ටික කෝප්පයකට දාල බිත්තරයයි සීනි ලුනු කොකෝ පවුඩර් දාල හොදට කවලං කරන්න. පාට මදි නවං තව කොකෝ පවුඩර් ටිකක් දාන්න පැනි රස මදිනං තව සීනිත් එකතු කරන්න මම ගොඩාක් පැනි රස කැමති නෑ. බිත්තර මම දාල නෑ ඔයාලට ගැලවෙන එකක් නෑ කියල හිතෙනවනං බිත්තරයක් දාන්න.
දැං තෙල් එක රත්වෙන්න තියල ඒකටම කොකිස් අච්දුවත් දාල රත් වෙන්න තියල කොකිස් අද්චුව හොදට රත් වුනාම කොකිස් අද්චුව පිටි එකට දාල තෙලේ බැදල ගන්න මේක හරිම රසයි පොඩිඅය හරිම කැමති වෙයි. අමුතුම රසක් තියෙන්නෙ . කැමති අය හදල මටත් කියන්න තව අයත් එක්ක ශෙයා කරන්නත් අමතක කරන්න එපා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *