පොඩියට පටන් අරන් රටක් හොල්ලපු අදටත් කන්න ආසා ගුණසිරි බුල්ටෝ…

පොඩියට පටන් අරන් රටක් හොල්ලපු අදටත් කන්න ආසා ගුණසිරි බුල්ටෝ…

මතකද “ගුණසිරි බුල්ටො”
ඩී.එම්. සේසින් මහතා ..
(ගුණසිරි බුල්ටෝ මුදලාලි)

ශ්‍රි ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩී.එම්. සේසින් මහතා හෙවත් ගුණසිරි බුල්ටෝ මුදලාලි මහතා වඩාත්ම ජනප්‍රියව සිටියේ ගුණසිරි බුල්ටෝ මුදලාලි මහතා ලෙසය.

1961 වසරේදී බොරලැස්ගමුවේදී ඉතා සුළු වශයෙන් ආරම්භ කල ගුණසිරි බුල්ටෝ ව්‍යාපාරය 1970 සහ 1980 දශක වල මුලු රට පුරාම ඉතා ප්‍රචලිත රසවත් නිෂ්පාදනයක් ලෙස ව්‍යාප්ත විය .ගුණසිරි කන්ෆැක්ෂනරි ආයතනයේ නිර්මාතෘ වරයා ලෙස ඩී.එම්. සේසිංහ මහතා මෙරට ජනතාවගේ රසවින්දනය මැනවින් හඳුනාගෙන ගුණසිරි බුල්ටෝ නිපැයුම් සකස් කලේය.

බලන්න එකල නිෂ්පාදන ප්‍රචලිත කිරීම සදහා පලකරන ලද පුවත්පත් දැන්වීමක් .ඒවා එකල පවා වර්ණ දැන්වීම් ලෙසද මුද්‍රණයට පත් කර ඇත.

“පෙමිවතීට දෙන්න ත්..
සොඳුර වෙත ගෙනයන්න ත් …..
බබා නලවන්න ත්…
ගන්නෙ බුල්ටෝ ටොපි ය කවුරු ත්….
දිවයින පුරා පතල කීර්තියක් ඇති රසවත් ගුණසිරිගේ බුල්ටෝ ටොපි

රසයෙන් ඔබ කුල්මත් කරවයි.

ගුණසිරි කර්මාන්තායතනය
මහරගම.”

අතරම බොහෝ සෙයින් ඔවුන් ඒ සදහා ගීත කොටස් සමග ගුවන්විදුලි ප්‍රචාර සඳහාද යොමු වී ඇත .

දොයි දොයි දොයි දොයිය බබෝ දොයි..
හැන්දැවට තාත්ත අද බුල්ටෝ ගෙනත් දෙයි. …
බයි බයි බයි බයිය බබෝ බයි…
ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන දෙයි…
මෙලෙස ගීත ඛණ්ඩයක් ක්‍රිස්ටෝපර් පෝල් මහතා ගායනා කර ඇති බැවි ද මට දැනගන්නට ලැබුන අතර ගුවන්විදුලියේ ප්‍රචාරය වී ඇත.

මෙලෙස කාන්තා කටහඩක් උපයෝගී කරගෙන ගුවන්විදුලි ගීත පචාරණයක් ද ඔවුන් ගේ නිෂ්පාදන රසිකයන් අතරට ගෙන යාමට යොදාගෙන තිබුනා..(ඇගේ නම සොයාගත නොහැකි විය)

හා..හා..හා..ල..ල..ලා….
අතුරු පසට කෙලි පිටියට අමුත්තන්ට නෑ ගෙදරට හරි පිරිසිදු රට පරසිදු ගුණසිරි බුල්ටෝ…
හරි පිරිසිදු රට පරසිදු ගුණසිරි බුල්ටෝ…
දිවට රසයි රසය අගෙයි ඇගට ගුණයි මිලද වටී..
රස ගුණ පිරි ගුණසිරි බුල්ටෝ….
මහරගමින් ගුණසිරි බුල්ටෝ……..

“ගුණසිරි “නාමය රසකැවිලි වලට ආදේශ වූ හැටි.

මේ කොළඹ නාලන්දා විද්‍යාලයේ මගේ පන්තියේ මිතුරෙකු වූ “ගුණසිරි” ය.
ඔහුගේ පියාට මිතුරෙකු සිටි අතර ඔහුගේ නම ආරම්භ වන්නේ “සිරි….” යන්නෙන් සිරිපාල, සිරිදාස හෝ වෙනත් දෙයක් විය හැකිය. ඒත් මට හරියටම මතක නෑ. කළු දොදොල් හදන්න හදනකොට වැරදීමකින් හදපු කැන්ඩි රෙසිපියක් මේ “සිරි…” එකේ තිබ්බා. පසුව ගුණසිරිගේ පියා සහ මෙම “සිරි” පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කර ඇති අතර පසුව ඔවුන් මෙම පුදුමාකාර කැන්ඩි “බුල්ටෝ” නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.
එහෙත්, මෙම නිෂ්පාදනය වෙළඳපොළට ප්‍රචලිත කිරීමට දෙදෙනාටම ප්‍රමාණවත් මුදල් නොතිබූ අතර, ගුණසිරිගේ පියාගේ “ගුණවතී” නැමති නැන්දා ඔවුන් සඳහා අරමුදල් සැපයීමට එකඟ විය.
“ගුණවතී” සොයුරියගේ අරමුදල් වෙනුවෙන් සහ ඔහුගේ මිතුරා “සිරි” වට්ටෝරුව සඳහා කළ කෘතඥතාවක් ලෙස ගුණසිරිගේ පියා ඔවුන්ගේ නම්වල කොටස් සමඟ නිෂ්පාදනයට නම් කිරීමට තීරණය කර ඇත.
බුල්ටෝ “ගුණසිරි බුල්ටෝ” ලෙස නම් කළේ එලෙසිනි. මේ ජනප්‍රිය නිෂ්පාදනය නිසා මගේ මිත්‍රයා සහ ඔහුගේ සහෝදරයන් තිදෙනාම පාසල් කාලයේ පමණක් නොව අදටත් මිතුරන් විසින් හඳුන්වනු ලැබුවේ “ගුණසිරි” යනුවෙනි.

එතුමා 2011 සැප්තැම්බර් 28 වන දින දැයෙන් සමු ගත් අතර
අවසන් වරට එතුමා පදිංචිව සිටියේ මහරගම දෙහිවල පාරේ අංක 159 දරණ නිවසේය.
නිවන් සුව ඔබතුමාට

ප්‍රියන්ත පෙරේරා මහතාගේ සටහනක්..
(2022-03-25)
අතීතාවර්ජනා…

උපුටාගැනීමකි ….

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *