ඇගේ වියෝවට හේතුව පානය කල ඖෂධයක්ද ? වෛද්‍ය උපදෙස් වලින් තොරව බෙහෙත් ලබාගත් තුන්මස් ගැබිණියක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…

ඇගේ වියෝවට හේතුව පානය කල ඖෂධයක්ද ? වෛද්‍ය උපදෙස් වලින් තොරව බෙහෙත් ලබාගත් තුන්මස් ගැබිණියක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…

කතාව නම් ඇත්තෙන්ම හරි සෝචනීයයි..

ඇය ඇගේ අනාගතය ගැන මොන තරම් නම් බලාපොරොත්තු තබාගත්තත් අවසානයේ ඇයට සිදුවුණේ අකාලයේ ජීවිතයෙන් සමුගන්න.. මේ කතාව ඇසෙන්නේ රුවන්වැල්ල ප්‍රදේශයෙන්..

පිළිගත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලකින් ලබාගත් විෂ සහිත ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් මියගොස් තිබෙනවා..

ඇය හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි රුවන්වැල්ල පොලිසිය පවසන්නේ..
.
මෙසේ මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි සිව් දරු මවක බවයි පොලිසිය පැවසුවේ..

මෙම කාන්තාව පසුගිය (05) වැනිදා සිය සැමියා සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකට ගොස් දරු ගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා සිට ඇති අතර පසුව යෝනි මාර්ගයෙන් ශරීරගත කිරීමට ඖෂධ කරලක් හා පානය කිරීමට පෙති තුනක් ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ..

පසුව එම පෙති පානය කිරීමත් සමග මෙම කාන්තාව අසාත්මික තත්ත්වයකට පත් වී ඇති අතර පසුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ඉල්ලා සිටි අවස්ථාවේ දී ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කොට වහාම රජයේ රෝහලකට යන ලෙස උපදෙස් දී තිබෙනවා..

ඒ අනුව ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉකුත් ඉරිදා හෝමාගම මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබෙනවා..

මෙම කාන්තාව පානය කර තිබූ විෂ සහිත ඖෂධය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිගමනයකින් තොරව පානය කිරීමට අවසරයක් නොමැති බවත් එවන් ඖෂධයක් ලබාගැනීම සහ නිකුත් කිරීම දෙපාර්ශවයම සිදුකළ වරදක් බවත් අනාවරණය වී තිබෙනවා..

පසුව මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර විසින් සිදු කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනෙවිරත්න විසින් සිදුකළා..

එහිදී නිකුත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය කාන්තාවගේ සහ තෙමස් බිළිදු කළලයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා..

ඒ අනූව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීමට‍යි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීන්දු කළේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *