අභිරහස් කතා රාශියක් තියෙන පිදුරංගල යටගිය කතාව මෙන්න…

අභිරහස් කතා රාශියක් තියෙන පිදුරංගල යටගිය කතාව මෙන්න…

පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්.

සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන්.

මොකද සීගිරිය අයිති වෙන්න අපේ රටේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල.

පිදුරංගල Google map එකේ බැලුවොත් ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා.

මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා.

මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලැබෙනවා.

ඔය ස්ථානයේ මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්.

මේ රේඛාව දිගේ ගියොත් අපිට හරි විශ්මිත දෙයක් බලාගන්න පුලුවන්.

මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල ‘පිරමීඩ’ අසලිනුත් , ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා විශ්වාස කරන “ඇට්ලාන්ටික්” නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත්, ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ ‘මායාවරුන්ගේ ශිෂඨාචරය’ ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් ගමන් කරනවා.

සමහර විටකදී සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලාද කියන සැකයත් අපට මතුවෙනවා.

ආගමික හා සංස්කෘතික විශ්වාසයන් වලට එහා ගිය ගැඹරු තාක්ෂණයක් විද්‍යාමාන වෙන නමුත් ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත් හැකි ‘පිදුරංගල’ ගැන සාකච්ඡාවට නැගේවා!
උපුටා ගැනීමකි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *