ඔයාලට ඔච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද මෙතන… චීනයෙන් ඇමරිකාවට සියයට 125ක තීරු බද්දක්..

ඔයාලට ඔච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද මෙතන… චීනයෙන් ඇමරිකාවට සියයට 125ක තීරු බද්දක්..

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබේ.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණි.

චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස චීනය අද මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර ඇත

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *