මට ඇත්තටම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මාන ලැබිලා තියනවා.. ඒ වුණත්, ඒ හැම සම්මානයකටම වඩා මට වටින්නේ මගේ රටේ මිනිස්සු මට ලබාදෙන සම්මානය..

මට ඇත්තටම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මාන ලැබිලා තියනවා.. ඒ වුණත්, ඒ හැම සම්මානයකටම වඩා මට වටින්නේ මගේ රටේ මිනිස්සු මට ලබාදෙන සම්මානය..

ඇත්තෙන්ම හිත නිවන භාවනාවක් වගේ.. මිනිස්සුන්ගේ හදවත් ඇතුළතටම ස්පර්ශ කරන්න පුළුවන් ඒ ළයාන්විත ගායකයා නමින් සංඛ දිනෙත්..

දවසින් දවස ගායන ලෝකය තුළ පෙරළිකාර චරිතයක් වුණු මේ ගායකයා, තරුණ තරුණියන්ගේ හදවත්වල නම් නොමැකෙන චරිතයක් බවට මේ වෙද්දිත් පත්වී අවසානයි..

ඔහුගේ ගායන ලෝකය ගැන, මේ චරිතය ගැන දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්න බොහෝ දෙනෙක් වෙනුවෙන් කාලෙකට පස්සේ මේ ගායකයා ඔහු ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

අපි හැමෝගෙම ජීවිතය දවසින් දවස අලුත් වෙනවා.. සංඛගෙත් එහෙම වෙන්න ඇති.. ඉතින් මේ අලුත් වෙන අවුරුද්ද සංඛට කොහොමද දැන්නේ..?

මං හිතන්නේ අලුත් අවුරුද්දේදීත් ලංකාවේ හැමෝටම වගේ මටත් තියෙන්නේ අලුත් බලාපොරොත්තු.. හීනයක් නොවී ඒක සැලසුමක් වෙන්න මමත් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා.. මං හිතනවා මං වගේම මගේ ආදරණීයයන් ඒ විදිහට වැඩ කරයි කියලා..

ගායකයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් ගීත නිර්මාණ.. කොහොමද ඔබේ අලුත් නිර්මාණ කටයුතු.. අපි ඒ ගැනත් කියමු..

ඔව් , සංඛ දිනෙත්ව අවුරුදු 16 බලාගත්තේ මගේ ආදරණීය රසික රසිකාවියෝ.. ඉතින් ඒ අය වෙනුවෙන් මං මගේ හුස්ම තියනකං වැඩකටයුතු කරනවා.. මං රිලීසස් ගොඩක් සූදානම් කරගෙන ඉන්නවා.. ඒවා වෙනස්කම් තියන සහ වෙනස් විදිහේ වැඩ..

ඔබ කියනවා වගේම ඔබේ ගීත හරි වෙනස්.. ඒ ගීතවලට අනන්‍යතාවක් තියනවා.. ඔබ ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරන ශිල්පියෙක්.. කොහොමද ඔබේ ඉදිරි කාලයේදී එවැනි තවත් ජාත්‍යන්තර වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවාද..?

ඔව් පසුගිය දෙසැම්බර් 27 මං ඒ වගේ වැඩක් කළා.. ඒකට හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා.. අපි ඒක බොලිවුඩ් ලෙවල් එකටම කළා.. මං එදා දවසේ නියෝජනය කළේ මුළු ලංකාවම.. ඉතින් ඒ වගේ දවස් තව ඉස්සරහටත් ඒවි..

සංගීත නිර්මාණත් එක්කම කාලය ගෙවන ඔබෙත් සම්මාන කියන්නේ එක හීනයක් වෙන්න ඇති.. ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් ඔබටත් ඒ වගේ හීන ඇති.. මොකද්ද සංඛට ඒ ගැන කියන්න තියෙන්නේ..

මම ජීවිතේ සම්මාන දකින්නේ හරි වෙනස් විදිහකට.. මට ඇත්තටම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මාන ලැබිලා තියනවා.. ඒ වුණත්, ඒ හැම සම්මානයකටම වඩා මට වටින්නේ මගේ රටේ මිනිස්සු මට ලබාදෙන සම්මානය.. ඉතින් ඒක කවදාවත් යකඩවලින් හෝ වෙන යම් ද්‍රව්‍යකින් හදන සම්මානයකට ලගු කරන්න බැහැ.. ඒක තියෙන්නේ ලොකු තැනක.. ඒක තියාගන්න පුළුවන් තැනකුත් මට පේන්නේ නැහැ.. ඒක එච්චරය විශාලයි.. ඒ ආදරය නිතරම ලැබෙන නිසා මම හිතනවා මම මැරෙනකල්ම සම්මානනීයයි කියලා..

බොහොම වටිනා උත්තරයක්.. කලා ශිල්පියෙක්ට අනිවාර්‍යයෙන්ම වටින්නේ ප්‍රේක්ෂකාගාරයේ ආදරය.. ඒ විතරක් නෙවෙයි, ඔබේ සංගීත දිවිය පවතින තුරාවට සම්මානනීය ගායන ශිල්පියෙක් වෙන බව නිසකයි.. ඊට පස්සේ අපි සංගීතය හැරුණුකොට සංඛ කියන චරිතය ගැනත් කතා කරමු..

මං හිතෙන්නේ මම කලාකරුවෙක් විදිහට මට පෞද්ගලික ජීවිතයක් වගේම ප්‍රසිද්ධ ජීවිතයක් කියලා දෙකක් නැහැ.. හැමෝම දන්නවා ඉතින් මට පුංචි පුතාලා දෙන්නෙක් ඉන්නවා.. ඉතින් ඒ දෙන්නාගේ වැඩවලට මං උපරිම සහයෝගය දක්වනවා.. මගේ බිරිඳ ඒ හැම වැඩකටයුත්තක්ම හොඳින් කලමණාකරණය කරනවා.. ඒ නිසා මම ඇත්තෙන්ම සන්තෝසයෙන් ඉන්නවා.. ඒ දෙන්නාව දකිනකොට මං හැම වෙලාවකම දකින්නේ මේ රටේ අනාගතය.. මං හැම වෙලාවකම ඒ දෙන්නා එක වැඩකටයුතු කරද්දී ඒ දෙන්නාව හදද්දී, වඩද්දී හැමතිස්සේම මම හිතන්නේ ඊළඟ පරම්පරාව portray වෙයිද කියන එක.. මං හිතනවා අපිට පුරවැසියන් විදිහට දෙන්න ගොඩක් දේවල් තියනවා.. මොකද් අපි මේ රටට ගොඩක් ණයයි කියලා මට හිතෙනවා.. මොකද අපි ගොඩක් සාමාන්‍ය පවුල්වල මිනිස්සු, සාමාන්‍ය පවුලක තරුණයෙක් වෙලා මේ ජීවිතවය ගත කරන ඇවිල්ල මට අද ලැබිලා තියන මේ ත්‍යාගය.. ඒක අනිවාර්‍යයෙන්ම ශ්‍රී ලාංකිකයි.. ඒ නිසා මම පිටරට එක්ක වැඩ කළත්, ඒක මට ලැබෙන්නේ මම ශ්‍රීලාංකිකයෙක් වීම නිසා.. මම පිටරට මිනිස්සු කොච්චර කැමති වුණත්, පිටරට මිනිස්සු එක්ක කොච්චර වැඩ කරත් මට වටින්නේ මගේ මිනිස්සු.. ඉතින් ඒ නිසා මගේ මිනිස්සු අත්පුඩි ගහනකං, මගේ මිනිස්සු මට ආදරේ කරනකල් මං සන්තෝසයෙන් ජීවත් වේවි..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *