හිසේ කැක්කුමට , බර අඩුකර ගන්න, දියවැඩියාවට මෙන්න නියම පානය

හිසේ කැක්කුමට , බර අඩුකර ගන්න, දියවැඩියාවට මෙන්න නියම පානය

ලංකාවේ හුඟාක් අය ඉගුරු තේ බොන්න නම් මනාපයයි… ඇත්තටම ඉගුරු කියන්නේ කවුරුත් ආස විදිහට තේ එකකට දාලා ගත්තාම කියා ගන්න බැරි තරම් රසයක් දෙන දෙයක් නේ…

ආහාර රස කිරීමට වගේම ඖෂධයක් විදිහට භාවිතා කරන ඉඟුරු අතීතයේදී හැම ගෙවත්තකම වවා කර ගත්තු රසකාරකයක්.

පුංචි ඉඩක. එහෙම නැත්නම් පාවිච්චියට ගත නොහැකි මැටි කොරහක එමෙ නැත්නම් බේසමක හෝ ඇතිලියක මේ පුංචි පැලෑටිය වගා කර ගත්තා.

උණ ප්‍රතිශයාව ඇතුළු විවිධ රෝගාබාධයන්හිදී ඖෂධයක් විදිහටත් , ආහාර පිසින විට එහි ඇති වෙන ආසාත්මිකතාවයෙන් සමනය සඳහා වූ අත්බේතක් විදිහටත් ඉඟුරු ඉතා සුලබව යොදා ගත්තා …

ඉඟුරු වල ඇති ඖෂධීය ගුණය නිසාම ඒවා මිනිස් සිරුරට වඩාත් හිතකර බලපෑම් ‍රැසක් ඇතිකරවයි.

ඉඟුරු වල ඉහළ ජින්ජරෝල් ප්‍රමාණයක් අඩංගු වන අතර මෙම සංඝටක තුල ප්‍රති-ප්‍රදාහක ගුණයන් සහා ප්‍රති -ඔක්සිකාරක ගුණයන් බහුලවේ.

ඉඟුරු වල අඩංගු විටමින්, ක්ෂුද්‍ර පෝෂක සහා අත්‍යවශ්‍ය මේද සිරුර තුලදි ශක්තිවර්ධක ලෙස ක්‍රියාකරයි. ආමාශය හිස් කිරීම වේගවත් කරවන නිසා අජීර්ණය වැනි ජීර්ණ ගැටලු ඇති පුද්ගලයින් හට හොඳ ඔසුවකි.

එමෙන්ම බොහෝ උදර පීඩා ‍රැසක් සමනය කිරීමේ හැකියාවක් ඉඟුරු වල අඩංගුව පවතියි.මේවාට අමතරව ඉඟුරු භාවිතා කිරීම මඟින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රයෝජන ‍රැසක් ඇත.

සෙම නසන ගුණය.

අධි රුධිරපීඩනය පාලනයට හිතකරයි.

හිසේ කැක්කුම සමනය.

ආහාර අරුචිය සමනය කරයි.

ගැබිණි මවව්රුන්ගේ උදය කාලයේ ඇති වෙන වමනයට ගුණදායකයි

ඔසප් වේදනාට ගුණ දායකයි.

සමේ පැහැපත් කරයි.

සම රැලි වැටීම වලක්වා තරුණ පෙනුම රැක දෙයි.

සන්ධි රෝග නසයි.

කැස්ස සමනය වේ .

පිළිකා වළක්වා ගත හැකිය.

රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ.

බර පාලනය කිරීමට උපකාරී වේ.

නිය පොතු ශක්තිමත්ව වර්ධනය වීමට උපකාරී වේ.

මොලයේ ක්‍රියාකාරීත්වය වඩාත් උත්තේජනය කරයි.

ලිංගික ශක්තිය වැඩිකරවයි.

කුරුලෑ සුව කරයි .

රුධිරයේ සංයුතිය යථා තත්වයට පත්කරයි .

හිසකෙස් වර්ධනය උත්තේජනය කරමින් හිසකෙස් කැඩීයාම සහා ඉස්හොරි ඇතිවීම වළක්වයි .

මඤ්ඤොක්කා සමග ඉඟුරු ආහාරයට ගැනීමෙන් විෂ ඇති වෙන බව අනාදිමත් කාලයක පටන් පිලිගත් ඇත්තක්.

ඉඟුරුවල අන්තර්ගත “ජින්ජරික් ඇසිටික්” සමග මඤ්ඤොක්කාවල අන්තර්ගත විෂ සංයෝග ප්‍රතික්‍රියා කරයි . ඉඟුරු වගේම ඉඟුරු යොදා සකස් කරන ලද ආහාරපානත් මඤ්ඤොක්කා සමග ආහාරයට ගන්නේ නැහැ.

උපුටාගැනීමකි…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *