මේ බෙහෙත හරියටම කරොත් ආයේ ඔයාට කුරුළෑ ප්‍රශ්නයක් වෙන එකක් නැ..

මේ බෙහෙත හරියටම කරොත් ආයේ ඔයාට කුරුළෑ ප්‍රශ්නයක් වෙන එකක් නැ..

මුහුණේ ඇතිවන කුරුලෑ හේතුවෙන් වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් කලකිරීමට පත්ව සිටිනවා.
බොහෝ දෙනා කුරුලෑ සුව වීමට නොයෙක් ආකාරයේ ප්‍රතිකර්ම බාවිතා කරනවා.

සිංහල වෙදකමේ කුරුලෑ සුවවීමට විවිද බෙහෙත් වට්ටෝරු හදුන්වා දී තිබෙනවා.

ඒවා පහතින් දැක්වේ.

01) කොත්තමල්ලි , වදකහ , ගොක්සුඹුළු ඇල් දියෙන් අඹරා ගාන්න.

02) ගොරෝචන හා කලාදුරු අල තන කිරෙන් අඹරා ගාන්න.

03) ලෝත්සුබුළු , කොත්තමල්ලි , වදකහ සමව ගෙන උණුවතුරෙන් අඹරා ගාන්න.

04) හිසට ගල්වන හෝ ලේතෙල් හෝ සර්වවිෂාදිය තෙල් හෝ කුරුලෑ වල ගාන්න.අලුත් ඒවා යයි.අනෙක් ඒවා පැසවයි.

එමෙන්ම කුරුලෑ හේතුවෙන් ඇතිවන කැළැල් හා සිදුරු වලට ප්‍රතිකාර පහතින් දැක්වේ.

කැළැල් මැකීම සදහා එළකිරි සහ දෙහි ඇඹුල් සමව ගෙන වැල්දමට වියලි කහකුඩු වෙනිවැල් ගැට කුඩු සම පමණ ගෙන පාප්පයක් මෙන් සාදා මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු අල් දියෙන් සෝදන්න. සතියක් කර බලන්න.

කුරුලෑ සිදුරු ගොඩවීමට

ඔලිද කොළ සුදු හදුන් හා කලාදුරු අල එක පමණට ගෙන තල තෙලින් අඹරා ගාන්න.

ඉඹුල් ගැහෙ ගැට සහිත කොටස එළකිරෙන් අඹරා ගාන්න.

සියඹලා පොතු විනාකිරෙන් අඹරා ගාන්න.

කුඹුක් ඇටමද මදටිය ඇට එළකිරෙන් අඹරා ගාන්න.

ලොත්සුඹුළු , කොත්තමල්ලි,සහිදළුනු,අබ, වදකහ, ඇල් දියෙන් අඹරා ගාන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *