මේ අවුරුදු කාලේ ඔයත් තෙල් කෑම වැඩියෙන් කෑවා නම් බර වැඩි වෙන්න කලින් දැන්ම මේ දේවල් කරලා බලන්න…

මේ අවුරුදු කාලේ ඔයත් තෙල් කෑම වැඩියෙන් කෑවා නම් බර වැඩි වෙන්න කලින් දැන්ම මේ දේවල් කරලා බලන්න…

අවුරුදු කාලේ රසට කෑම කන්න අපි කවුරු වුණත් ගොඩක් කැමතියි.

නමුත් තෙල් අධිකව යෙදූ කෑම වර්ග නම් ශරීරයට ඒ තරම් ගුණදායක නැහැ. ඒත් ඉතිං අපි ඒ ගැන වැඩිපුර නොහිතා කනවානේ … නේද? තෙල් සහිත ආහාර වල කැලරිත් අධික ලෙස අඩංගු වෙන නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම , රුධිර පීඩනය සහ හෘද රෝග අවදානම ඇතිවීම වගේම විශේෂයෙන්ම තරබාරුකම ඇතිවීම වැනි තත්වයන් වලට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙනවා.ඉතින් අධික ලෙස තෙල් සහිත ආහාර අනුභව කළොත් ඊට පස්සේ බර වැඩිවීම වළක්වා ගන්න ඔබ කල යුතු දේවල් මොනවාද ? ඒ ගැනයි මේ ලිපියෙන් අපි කතා කරන්න හිතුවේ….

මද උණුසුම් ජලය පානය කරන්න

තෙල් සහිත ආහාර ගැනීමෙන් පසුව මද උණුසුම් ජලය පානය කිරීමෙන් ඔබේ ආහාර ජීරණ පද්ධතිය සංසුන් කිරීම වගේම සක්‍රීය කිරීම සිදු වෙනවා.ජලය පෝෂක සහ අපද්‍රව්‍ය වාහකයක් ලෙස ක්‍රියා කරනවා. උණුසුම් ජලය පානය කිරීමෙන් පෝෂ්‍ය පදාර්ථ ජීරණය කළ හැකි ආකාරයට ක්‍රියා කිරීමට උපකාරී වෙනවා.

Detox Drink එකක් ගන්න

තෙල් සහිත ආහාර ගැනීමෙන් පසුව ඔබේ ශරීරය තුළ එකතු වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට detox drink උපකාරී වෙනවා.විශේෂයෙන්ම ලෙමන් අඩංගු detox පානය කිරීම ශරීරයේ මේදය අඩු කර ප්‍රතිරෝධය වැඩිකරන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඇවිදින්න

තෙල් සහිත ආහාර ගැනීමෙන් පසුව විනාඩි 30ක පමණ කාලයක් ඇවිදීම ආහාර ජීරණය වැඩි කිරීමට උපකාරී වෙනවා.එසේ ඇවිදීම ආමාශයේ චලනය ප්‍රවර්ධනය කරන අතර , ශරීරයේ ලිහිල් කිරීමද සිදු කරනවා. කෙසේ වුවත් තෙල් සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් පසුව ඇවිදීම හැරුණු කොට අධික ව්‍යායාම්වල හෝ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම නම් සුදුසු නැහැ.

Probiotics ගන්න

probiotics යනු සජීවී ශුද්‍ර ජීවීන් වන අතර එය විශේෂයෙන්ම ඔබේ ආහාර ජීරණ පද්ධතියට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. Probiotics අඩංගු යෝගට් සහ කිරි පරිභෝජනය කිරීම මගින් ආහාර ජීරණ සෞඛ්‍ය සමතුලිත කිරීම සහ බඩවැල් වල සෞඛ්‍ය වැඩි දියුණු කිරීම වගේම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.

Herbal tea හෝ green tea

Green tea හෝ වෙනත් ඖෂධීය තේ වර්ග ආහාර දිරවීම පහසු කරවනවා.මෙම තේ වර්ග මගින් මාංශ පේශීන් ලිහිල් කිරීම , අපහසුතාවයන් අඩු කිරීම සහ සුමට ජීර්ණය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනවා.ඒ වගේම බඩ පිපීම වැනි තත්ත්වයන් සමනය කිරීම ,අධික තෙල් නිසා ඇතිවිය හැකි අජීරණ තත්වයන් ඇති වීම පාලනය කිරීමටත් මෙවැනි තේ වර්ග වලට හැකියාව තිබෙනවා.

පලතුරු සහ එළවළු අනුභව කරන්න

නැවුම් පලතුරු සහ එළවළු තන්තු , විටමින් සහ ඛනිජ ලවණ වලින් ඉහළ මට්ටමක පවතින අතර තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු ආහාර දිරවීම සඳහා බෙහෙවින්ම උපකාරී වෙනවා. ඒ වගේම මල බද්ධය ඇති වීම වැළැක්වීම සඳහාද , තෙල් සහිත ආහාර ගැනීමෙන් පසුව විජලනය ඇතිවීම වැළැක්වීම සඳහාද නැවුම් එළවළු සහ පළතුරු ආහාරයට ගැනීම වැදගත්.

තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් පසුව බර වැඩිවීම වළක්වා ගැනීම සඳහා ඉහත උපක්‍රම අනුගමනය කරන්න ඔබට පුළුවන්. නමුත් තෙල් සහිත ආහාර ආහාරයට ගැනීම ශරීරයට ඒ තරම් ගුණදායක නොවන බවත් ඔබ මතකයේ තබා ගත යුතුයි. ඒ ගැන හිතේ තියාගෙන ආහාර පාන ගන්න එක තමා වටින්නේ.. හැමදේටම වඩා නීරෝගීකම වටිනවානේ…

උපුටාගැනීමකි…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *