ලෝකයේ ප්‍රථම අගමැතිනියගේ ජන්ම දිනය සිදු වී දැන් වසර 109ක්… මේ ගැන ඇසෙන පුවත මෙන්න…

ලෝකයේ ප්‍රථම අගමැතිනියගේ ජන්ම දිනය සිදු වී දැන් වසර 109ක්… මේ ගැන ඇසෙන පුවත මෙන්න…

කාන්තා අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ එකසිය නව (109) වැනි ජන්ම දින සැමරුම අදයි..
1916 වසරේ අප්‍රේල් 17 වැනි දින බලංගොඩ උඩරට ධනවත් රදළ පවුලක සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක යන නමින් ඇය උපත ලැබූවා.

විවාහයට පෙර සිටම සමාජ කටයුතුවල ක්‍රියාකාරීව සහභාගී වූ සිරිමා 1959 දී ඇගේ සැමියාගේ ඝාතනයෙන් පසුව ඇය දේශපාලනයට පිවිසියා.

ඒ අනුව 1960 ජූලි 21 වන දින සිරිමා අගමැතිනිය මෙන්ම ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස ද ඇය දිවුරුම් දෙනු ලැබුවා.

එසේම 1976 දී නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිනිය ලෙස ද ඇය තේරී පත් වූවා.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වදිමින් 1960-1965, 1970-1977 සහ 1994-2000 දක්වා අගමැතිනිය ලෙස කටයුතු කළාය.

ඇයගේ පළමු ධුර කාලය තුළ ඇය 1963 දී හමුදා කුමන්ත්‍රණයකින් දිවි ගලවා ගත් අතර අගමැතිනිය ලෙස ඇයගේ දෙවන ධුර කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 තරුණ කැරැල්ලට මුහුණ දුන්නාය.

1972 මැයි මාසයේදී, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කරන ලද අතර, එමඟින් දෙවන එලිසබෙත් රැජින රටේ රාජ්‍ය නායකයා ලෙස ස්වෛරීභාවය ඉවත් කරන ලද අතර ශ්‍රී ලංකාව එහි සැබෑ නිදහස ලබා ගැනීමටද සිරිමා බණ්ඩාරනායක මැතිනිය කටයුතු කරනු ලැබුවාය.

දියණියන් දෙදෙනෙක්ගේ සහ පුතෙක්ගේ ආදරණීය මවක වුණු ඇයගේ දෙවන දියණිය වනුයේ ලංකාවේ පළමු විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යි.

සිරිමා බණ්ඩාරනායක මහත්මිය 2000 ඔක්තෝබර් 10 වන දින හෘදයාබාධයකින් මිය යන තෙක් වසර හතළිහකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටි අතර එදින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මිය ගියාය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *