ඉන්දියාවට ගිහින් ජාත්‍යන්තර වේදිකාව හොල්ලන ලංකාවේ මියුසික් බෑන්ඩ් එක…

ඉන්දියාවට ගිහින් ජාත්‍යන්තර වේදිකාව හොල්ලන ලංකාවේ මියුසික් බෑන්ඩ් එක…

සංගීතය කියන්නෙ ‘විශ්වීය භාෂාවක්’

මේ විශ්වීය භාෂාව වෙනුවෙන් තැනෙන, විශ්වීය වේදිකාවන් එමටයි.

“Battle Of Bands International” කියන්නෙ, එවන් වේදිකාවක්.

ඉන්දියාවේ මුම්බායිවල පැවැත්වෙන “Battle Of Bands International” තරගය ගැන, අපේ රටෙත් මේ දවස්වල නිතර කතාබහට ලක්වෙන්න අරන්.

ඒකට හේතුව ලාංකේය නියෝජනයකුත්, මේ ජාත්‍යන්තර වේදිකාවේ දස්කම් දැක්වීම.

ඒ වෙන කවුරුත් නෙවෙයි, ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ”Knights”

Knights එකතුව Battle Of Bands International වේදිකාවේ දාන සෙල්ලම් ඉන්දියාවේ බහුතර පිරිසකගේ ආකර්ෂණය දිනාගෙන අවසන්.

විශේෂම කාරණය නම්, ඔවුන් ‘පළමු වටයේ හොඳම ඉදිරිපත් කිරීම’ බවටත් පත්වීම.

‘Battle Of Bands’ කියන්නෙ ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන ‘දූරදර්ශන් ටී.වී’ වෙතින් ලෝක ප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන ‘සරිගම’ සමඟ එක්ව සංගීත රසවතුන්ට ලබාදෙන අපූරු තිළිණයක්.

ගෙවුණු වසර කිහිපය තුළ, ඉන්දියානු සංගීත කණ්ඩායම් පමණයි මේ වේදිකාවේ තරග වැදුණෙ.

මේ වසරේ ඔවුන් විදේශීය සංගීත කණ්ඩායම් සඳහා ද තරග කිරීමට අවස්ථාව සලසා තිබුණා.

එයාකාරයෙන් කරළියට ආ ‘Battle Of Bands International’ වේදිකාව මාලදිවයින, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, ශ්‍රී ලංකාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සංගීතයන්ගෙන් සැදුම්ලත් වනවා.

ලොවපුරා විහිදුණු අපූරු සංගීත රටාවන් එකම තැනක දස්කම් දක්වන මෙවන් වේදිකාවක ‘ශ්‍රී ලංකා’ නාමය ඇසීමත් සතුටට කාරණයක්. ලාංකේය සංගීතයට ගෞරවයක්.

ඉතින්, මෙවන් විසල් වේදිකාවකට ලාංකේය නාමය රැගෙන ගිය ‘Knights’ පිරිවරට අපේ උණුසුම් සුබපැතුම් !

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *