රටම කැළැඹූ දෙවිනුවර සිද්ධියට අදාලා තවත් අයෙක් අත්අඩංගුවට…

රටම කැළැඹූ දෙවිනුවර සිද්ධියට අදාලා තවත් අයෙක් අත්අඩංගුවට…

තරුණයින් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ ඒ සිදුවීම ගැන ඔබට තවමත් මතක ඇති..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..

දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…

ඒ අනුව මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අදාළ සැකකරු ඊයේ (24) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ…

සැකකරු වයස අවුරුදු 33ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *