සිය පියාගේ අඩි පාරේ යමින් ලොවක් වසඟ කල රිතික් රෝශන් ක්‍රිෂ් 4 තුලින් චිත්‍රපට අධ්‍යක්ෂණයට…

සිය පියාගේ අඩි පාරේ යමින් ලොවක් වසඟ කල රිතික් රෝශන් ක්‍රිෂ් 4 තුලින් චිත්‍රපට අධ්‍යක්ෂණයට…

සුපිරි බොලිවුඩ් නළු, රිතික් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන බව පසුගියදා තහවුරු කළා.

ඒ, KRRISH 4 චිත්‍රපටයත් එක්ක.

යෂ් රාජ් සමාගම සහ Rakesh Roshan මෙහි නිෂ්පාදනයට එකතුවෙනවා.

ඒ අනුව සිනමා රසවතුන්ගේ මහත් ආකර්ෂණය දිනූ KRRISH චරිතයෙන්, රිතික්ව නුදුරේදීම අපිට දකින්න ලැබේවි.

රිතික්ගේ පියා වන රාකේෂ් ද අධ්‍යක්ෂවරයෙකු බවට පත්වෙන්නෙ, නළුවෙකු ලෙස සිය ගමන ඇරඹීමෙන් පසුව.

රිතික් ද එයාකාරයෙන් පියාගේ අඩිපාරේම යන සෙයකි දක්නට ලැබෙන්නෙ.

නමුත් රිතික්ගේ සිනමා ගමන ආරම්භ වන්නේම සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට වීමත් විශේෂයි.

‘ක්‍රිෂ්’ චිත්‍රපට මාලාවේ මීට ඉහත තිරගත වුණු ‘කොයි මිල් ගයා (2003)’ ‘ක්‍රිෂ් (2006)’ ‘ක්‍රිෂ් 3 (2013)’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ රිතික්ගේ පියා විසින්.

ඒ කොහොම නමුත් ‘ක්‍රිෂ් 4’ අධ්‍යක්ෂණය තම පුත්‍රයා භාරගනු ඇති බව රාකේෂ් ද සඳහන් කරලා තිබුණා, අපූරු සුබපැතුමක් එක්කම.

”අවුරුදු 25කට කලින් මම ඔබව නළුවෙකු ලෙස හඳුන්වා දුන්නා.
අද නැවතත් අවුරුදු 25කට පසු ඔබව අධ්‍යක්ෂකවරයෙකු ලෙස හඳුන්වා දෙන්නේ,
ආදිත්‍ය චොප්රා සහ මම, අපගේ චිත්‍රපටය #Krrish4 ඉදිරියට ගෙන යාම සඳහායි.
හැමෝටම සුබපැතුම්.. සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු !”

වාර්තා වන හැටියට 75 වැනි වියේ පසුවන රාකේෂ්ගේ මේ සූදානම තරමක විවේකයක් ගන්න.

‘ක්‍රිෂ්’ චිත්‍රපට මාලාව ආදායම් වාර්තා තැබූ චිත්‍රපට මාලාවක් බව අවිවාදාත්මකයි.

මෙරට ප්‍රේක්ෂකයින් අතරත්, ‘ක්‍රිෂ්’ මහත් කතාබහට ලක්වුණු චිත්‍රපට මාලාවක්.

Krrish 4 ගැන කතාබහ පටන් ගත් දා පටන්ම රසිකයන් තුළ දැඩි උද්‍යෝගයක් දකින්න ලැබුණා.

ඒකට ලොකුම හේතුව මෙය කාලයක් තිස්සෙ රසික පිරිස බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටයක් වීම.

Krrish 4, රිතික්ට ලොකු අභියෝගයක් කිව්වොත් හරියටම හරි.

මොකද, ප්‍රධාන චරිතය රඟපාන අතරතුරයි, ඔහු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත්.

ඒ ගැන රිතික් කියලා තිබුණේ මෙහෙම කතාවක්..
‘මම කොච්චර කලබල වෙලාද කියලා කියන්න බෑ..
ඔබේ සෑම දිරිගැන්වීමක්ම මට අවශ්‍යයි….’

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *