ලොවක් ආදරේ කල ඔබාමා පවුල විසිරි ගිහින්ද? වසර 33ක යුග දිවිය ඔවුන් අවසන් කරලද ? මේ ඒ ගැන ඇසෙන කතාව

ලොවක් ආදරේ කල ඔබාමා පවුල විසිරි ගිහින්ද? වසර 33ක යුග දිවිය ඔවුන් අවසන් කරලද ? මේ ඒ ගැන ඇසෙන කතාව

බරැක් ඔබාමා – මිෂෙල් ඔබාමා විවාහ දිවිය නිමවෙන්න යන බවට කටකතාවක් පැතිරෙන්න අරන්.
ඒ, හේතු කාරණා කීපයක්ම නිසාවෙන්.

එක හේතුවක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට හිටපු ජනාධිපති බරැක් ඔබාමා, සිය බිරිය මිෂෙල් ඔබාමා නොමැතිව සහභාගී වීම.

ඊට සහභාගී වූ අනෙක් හිටපු ජනපතිවරුන් සහභාගීව උන්නෙ සිය භාර්‍යාවන් එක්ක.
ඒ නිසාම, මිෂෙල් ඔබාමා නැති අඩුව විශේෂයෙන් කැපී පෙනුණා.

ජනාධිපති ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට ඇය නොපැමිණීම සම්ප්‍රදාය බිඳීමක් ලෙසයි කතාබහට ලක්වෙන්න ගත්තෙ.

ඒ වගේම මේ යුවළ ගෙවුණු කාලයේ ඔවුන්ගේ නිවසක් ද විකිණීමට කටයුතු කර තිබුණා.
මේ විකිණීම බරැක් – මිෂෙල් යුවළ ස්ථිර වෙන්වීමකට සූදානම් වෙමින් සිටිනවාද යන්න පිළිබඳ වන සැකයට තවත් ප්‍රබල හේතුවක් වුණා.

අදාළ දේපළ විකිණීම සම්බන්ධයෙන් ඔබාමා යුවළ කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබුණේත් නෑ.
ඒත් එක්කම හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අවමංගල්‍යයටත් බරැක් ඔබාමා සහභාගීව තිබුණෙ තනිවම.
මේ ඉහළ පෙළේ අවස්ථාවල, බරැක් ළඟ මිෂෙල් නැති අඩුව විශේෂයෙන් කැපී පෙනී තිබුණා.

ඒ නිසාම බරැක් – මිෂෙල් 33 වසරක විවාහ දිවිය අවසන්ව ඇති බවට තැන තැන කටකතා මතුවෙන්න ගත්තා.
කතාව කොච්චර දුරදිග ගිහින් ද කියනවා නම්, මේ ගැන මිෂෙල්ට ප්‍රසිද්ධියේම කරුණු පහදන්නත් වෙලා.
නමුත් ඒ පැහැදිලි කිරීම්වලදී මේ ‘දික්කසාද’ කතාව ගැන කෙලින්ම නොකියා ඉන්න තරම් ඈ ප්‍රවේසම් වෙලා.
නිළියක වන සොෆියා බුෂ් මෙහෙයවන ‘Work in Progress’ පොඩ්කාස්ට් එකේදී මිෂෙල් කියනවා, ඈ දැන් “වැඩිහිටි කාන්තාවක්” හැටියට සිය දින දර්ශනය ගැන පාලනයකින් යුතුව කටයුතු කරන බවක්.

එහිදී ඈ මානසික සෞඛ්‍යය සහ පෞද්ගලික පරිවර්තනයන් ගැන විශේෂයෙන් කතා කරලා තිබුණා.
ඒ අනුව තමා යා යුතු තැන්, නිතර කෙරෙන කටයුතු ආදිය පිළිබඳව ස්වාධීනව තීරණය කරන බවයි ඈ කියන්නෙ.
ඉතින් ඒ ස්වාධීන තීරණ ගැනීම නිසා ඇය සහ සැමියා දික්කසාදව ඇති බව උපකල්පනය කිරීමට මිනිස්සු යොමුව ඇති බවයි මිෂෙල් වැඩිදුරටත් පැහැදිලි කරලා තිබුණෙ.

කොහොම නමුත් තමුන් ඇතැම් රාජකාරිවලින් ඉවත් වීම තුළ තමාට යම් වරදකාරී හැඟීමක් ඇති වූ බවත් ඇය සඳහන් කරලා තිබුණා.
ඒ වගේම ආසන්න දිනෙක ස්ටීවන් බාර්ට්ලට් සමඟ “The Diary of a CEO” පොඩ්කාස්ට් කථාංගයේදීත් ඈ සඳහන් කරලා තිබුණෙ, තමන් ඔබාමාගෙන් වෙන් වුවහොත් එය රහසක් නොවන බව.
“මට මගේ සැමියා සමඟ ගැටලු තිබුණා නම්, හැමෝම ඒ ගැන දැන ගනීවි”
මේ පැහැදිලි කිරීම් තුළ ඇය නැවත නැවත අවධාරණය කරලා තිබුණෙ, තමන් තමා වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කර ඇති බව.
ඒකේ ඇති වැරැද්දක් නෑ කියලා පැහැදිලියි, ගෙවුණු කාලයේ මිෂෙල් ඔබාමා ගෙවූ ජීවිතයත් එක්ක සැසඳුවාම.
මොකද බරැක් ඔබාමාගේ දේශපාලන ජීවිතය නිසා, එක්සත් ජනපදයේ පළමු කාන්තාව හැටියට ඈ ගෙව්වෙ සීමා වුණු ජීවිතයක්.
මේ ගැන මීට ඉහතත් ඇය විවෘතවම කතා කරලා තිබුණා.
ඒ ඇගේ වැඩියෙන්ම අලෙවි වූ මතක සටහන් වන “Becoming” කෘතියෙන්.
ඔබාමාගේ දේශපාලන අභිලාෂයන් සහ ධවල මන්දිරයේ ගත කළ කාලය හේතුවෙන් තමා විවාහයේදී මුහුණ දුන් අරගල ගැන ඈ එහි විවෘතවම කතා කරලා තිබුණා.
ඒ සිය තනිකමෙන් සහ වෙහෙසින් පිරුණු ජීවිතය ගැන විශේෂ කරමින්.

1992 ඔක්තෝබර්වල විවාහ වුණු බරැක් – මිෂෙල් යුග දිවියට වසර 33ක් සම්පූර්ණ වනවා මේ වසර වෙද්දි. ඒ වගේම ඔවුන් මාලියා සහ සාෂා යන දියණියන් දෙදෙනෙක්ගේ මාපියන් ද වෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *